යෝධ සංවර්ධන ව්‍යාපාරයක් අරඹනවා | දිනමිණ

යෝධ සංවර්ධන ව්‍යාපාරයක් අරඹනවා

බුලත්කොහුපිටිය සමූහ ඩබ්ලිව්.රෝහණ

ගමේ ජනතාව ගමේ දියුණුවක් බලාපොරොන්තු වන බවත්, ඒ සඳහා ලබන සිංහල හා දෙමළ අවුරුද්දට පසුව රටේ විශාල සංවර්ධන ව්‍යාපාරයක් දියත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් ප්‍රකාශය කළේ ඊයේ පස්වරුවේ (15) කෑගල්ල, දමුණුපොල ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ රන්වැට සහිත බෝධි ප්‍රාකාරය හා ඝන්ඨාර කුලුණ විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා, හැත්තෑව දශකයේ ශ්‍රී ලංකාවට වඩා අඩු සංවර්ධනයක් පැවැති ඩුබායි, සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල් අද ශ්‍රී ලංකාවේ සංවර්ධන අබිභවා ගොස් තිබෙයි. එම නිසා වර්තමාන ආණ්ඩුව රටේ සංවර්ධන කටයුතු ඇති කිරීම සඳහා මේ වන විට සැලසුම් සකස්කර අවසන් කර තිබෙයි. ගම්මානවල ජනතාව තුළ ඇති නැති පරතරය නැති කිරීම රජයේ අරමුණ වී තිබෙයි.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වී වසර 2 ක කාලය තුළ ජනතාවට ඉවසීම නොමැතිකම හෝ අපගේ පසුබෑම පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් ජනතාව පෙන්නුවා. එම නිසා ආණ්ඩුව ජනතා විශ්වාසය දිනා ගනිමින් මෙරට තුළ දේශිය මෙන්ම විදේශිය ආයෝජකයන්ට විශාල අයෝජන ඇති කරමින් රට සංවර්ධන මාවතකට අවතීර්ණය කිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටී.

ගමක විහාරස්ථානයේ දියුණුව සමග ජනතාවගේ දියුණුව ද පෙන්නුම් කරනවා. සිංහල බොද්ධයන් වශයෙන් අන්‍යය ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට ද අප කටයුතු කළ යුතුයි. එසේ නොමැති වුවහොත් පසුගිය දිනවල ඇති වූ අවාසනාවත්ත සිදුවීම් ඇති විමට ඉඩ අවස්ථා තිබන බව ද අගමැතිවරයා පැවැසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය හා ආරක්ෂණ රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා ද සහභාගි වී සිටියහ.

නව අදහස දක්වන්න