පොදු රාජ්‍ය මණ්ඩල දින සැමරුම දෙවැනි එලිසබෙත් රැජිනගේ ප්‍රධානත්වයෙන් | දිනමිණ

පොදු රාජ්‍ය මණ්ඩල දින සැමරුම දෙවැනි එලිසබෙත් රැජිනගේ ප්‍රධානත්වයෙන්

පොදු රාජ්‍ය මණ්ඩල දින සැමරුම මෙවරත් දෙවැනි එළිසබෙත් රැජිණගේ ප්‍රධානත්වයෙන් ලන්ඩනයේ වෙස්ට් මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ දී පැවැත්විණි. මේ සඳහා චාර්ල්ස් යුවළ, විලියම් යුවළ මෙන්ම හැරී සහ ඔහුගේ පෙම්වතිය ද එක්ව සිටීම විශේෂත්වයකි. පසුගිය නත්තල් දේව මෙහෙය හැරුණ විට රජ පවුලේ සාමාජිකයන් සමඟ නිල උත්සව අවස්ථාවකට හැරී කුමරුගේ පෙම්වතිය වන මේගන් මර්කල් එක් වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

වෙස්ට් මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවැති දේව මෙහෙයෙන් පසු රජකීය කණ්ඩායම ලොව පුරා පාසල්වලින් පැමිණි පාසල් ළමුන්ගේ නැටුම් ගැයුම් වැයුම් රස විඳීමට එක් වූ අතර, තරුණ රාජකීයයන් ඔවුන් අතරට ගොස් සුහද කතා බහක නිරත වන අයුරු ද දක්නට ලැබුණි.

 


නව අදහස දක්වන්න

Or log in with...