දිගන පිළිසකර වැඩට හමුදාවේ 200ක් | දිනමිණ

දිගන පිළිසකර වැඩට හමුදාවේ 200ක්

නොසන්සුන්කාරී ලෙස හැසිරුණු සුළු පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරවලින් හානි වූ දිගන හා කෙන්ගල්ල ප්‍රදේශවල පූජනීය ස්ථාන, වෙළෙඳ සැල් හා නිවාසවල සුන්බුන් ඉවත් කර ඒවා පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ (16) දිගන හා කෙන්ගල්ල නගර ආශ්‍රිතව සිදුකෙරුණු අතර, ඊට යුද හමුදා සෙබළුන් 200ක පමණ පිරිසක් සහභාගී වූහ. කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද සහාය ඇතිව ක්‍රියාත්මක කළ මේ වැඩසටහනට ප්‍රදේශයේ බෞද්ධ භික්ෂූන් වහන්සේගේ ආශිර්වාදය ද හිමිවූහ. යුද හමුදාවේ එකොළොස්වැනි සේනාංකාධිපති මේජර් ජනරාල් නිශ්ශංක රනවණ මහතාගේ මෙහෙයවීමෙන් දිගන ජුම්මා පල්ලිය සිකුරාදා ආගමික කටයුතු සඳහා බැතිමතුන්ට ලබා දීම පිණිස යුද හමුදා සෙබළුන් එහි වූ සුන්බුන් මෙසේ ඉවත් කළේ බිඳී ගිය සිංහල හා මුස්ලිම් හදවත් එක් කිරීමේ අරමුණිනි.

ඡායාරූපය- අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න