ඥානසාර හිමි ජපානයට වැඩම කළේ ජනපති සමඟ නොවේ | දිනමිණ

ඥානසාර හිමි ජපානයට වැඩම කළේ ජනපති සමඟ නොවේ

ජනාධිපතිවරයාගේ ජපාන රාජ්‍ය සංචාරයට අදාළව ජනාධිපතිවරයා සමඟ ජපානයට ගිය ශ්‍රී ලංකා දූත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ද එක්ව සිටි බව පවසමින් මේ දිනවල සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවිවල පළවන ප්‍රවෘත්ති, කිසිදු සත්‍යතාවකින් තොර අසත්‍ය ප්‍රවෘත්ති බව දන්වා සිටිමු.

ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ජනාධිපතිවරයාගේ සංචාරයට පෙර පෞද්ගලික සංචාරයක් සඳහා ජපානයට වැඩම කර තිබූ අතර, ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධාන කළ ජනාධිපතිවරයා සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුහද හමුව සඳහා ජපාන විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා සමගින් උන්වහන්සේ ද සහභාගී වී ඇත.

එම අවස්ථාවේ දී ලබාගෙන ඇති ඡායාරූප කිහිපයක් භාවිත කරමින්, ජනාධිපතිවරයාගේ දූත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ එක් වූ බව පවසමින් සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවිවල පළවන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවක් නොමැති බව දන්වා සිටිමු.

අදහස් 1ක් ඇත

wadiyanam ekata mokadda bolau wenne! hena gahapan me adukku katha walata bolawu!

නව අදහස දක්වන්න