වී අලෙවි මණ්ඩලය පොලොන්නරුවේ මිලදී ගැනීම් අරඹයි | දිනමිණ

වී අලෙවි මණ්ඩලය පොලොන්නරුවේ මිලදී ගැනීම් අරඹයි

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ වී අස්වනු නෙළීමත් සමඟ වී අලෙවි මණ්ඩලය ගොවීන්ගේ වී මිලදී ගැනීම ආරම්භ කර ඇතැයි පොලොන්නරුව වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකාර ආර්. ඇම්. ඒ. රත්නායක මහතා කීය. නාඩු වී කිලෝවක් රුපියල් 38 ද සම්බා වී කිලෝවක් රුපියල් 41කට ද මේ අනුව මිලදී ගනු ඇත.

එක් ගොවියකුගෙන් වී කිලෝ 2000ක් මිලදී ගන්නා අතර, මෙවර පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් වී මෙට්ට්‍රික් ටොන් 15,000ක් මිලට ගැනීමට භාණ්ඩාගාරයෙන් රුපියල් දසලක්ෂ 600ක් ලබා දී තිබෙන බව රත්නායක මහතා කීය. වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 18ක් දැනට පිහිටා ඇති අතර, ඉදිරියේ දී තවත් මධ්‍යස්ථාන 15ක් පිහිටුවන බව ඒ මහතා කීය.

පොළොන්නරුව දිසා සමූහ

නව අදහස දක්වන්න