ආරුවක්කාළුවට දුම්රියෙන් කුණු ප්‍රවාහනය කඩිනමින් | දිනමිණ

ආරුවක්කාළුවට දුම්රියෙන් කුණු ප්‍රවාහනය කඩිනමින්

ශීලා උඩුවර

කොළඹ තිබෙන කුණු දුම්රියෙන් කැලණිය වල්පොල සිට පුත්තලම හරහා ආරුවක්කාළු දක්වා ප්‍රවාහනය කිරීමේ ව්‍යාපෘතිය මාස 18ක පමණ කාලයක් තුළ කඩිනම් කිරීමට තීරණය කර ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවැසීය.

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය හා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලැබේ.

මේ සඳහා විශේෂ දුම්රියක් යොදවන අතර, එක්රැස්කර පාර්සල් කර ඇති කුණු එම බහාලුම් පිටින්ම ප්‍රවාහනය කරන අතර, ඒවා ආරුවක්කාළු ප්‍රදේශයේ ඇති හුනුගල් හාරන ලද වළවල්වලට දමා වසනු ලැබේ.

මේ සඳහා දැනට භාවිත කරන දුම්රිය මාර්ගයම භාවිත කරන බවත්, පහසුකම් ප්‍රමාණවත් නොවන දුම්රිය ස්ථානවල පහසුකම් වැඩි කරන බවත්, සමරසිංහ මහතා පැවැසීය. මීතොටමුල්ල කුණු ප්‍රශ්නයෙන් පසු මේ තීරණය ගෙන තිබේ.

නව අදහස දක්වන්න