VPN - පුද්ගලික දත්ත අනාරක්ෂිත තත්ත්වයක | දිනමිණ

VPN - පුද්ගලික දත්ත අනාරක්ෂිත තත්ත්වයක

අනාරක්ෂිත VPN භාවිතය හේතුවෙන් මෙරට ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ පුද්ගලික දත්ත අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇතැයි සයිබර් ආරක්ෂණ විශේෂඥයෝ පවසති.

පසුගිය කාලය තුළ බොහෝ පිරිස් VPN හරහා සමාජ ජාල මාධ්‍ය භාවිත කළ බවයි සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යලංකාර පැවසුවේ.

විදුලි සංදේශ නියාමන සභාවේ දත්ත අනුව පුද්ගලයින් 880,000ක පමණ පිරිසක් මෙලෙස VPN භාවිත කර තිබේ.

මෙලෙස VPN භාවිත කිරීම තුළින් තමන්ගේ පෞද්ගලික තොරතුරු මෙන් ම බැංකු තොරතුරු ද අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බව අසේල වෛද්‍යලංකාර පැවසුවේ ය.

තවදුරටත් පුද්ගලික දත්ත අනාරක්ෂිත වීමෙන් වැළැක්වීම සඳහා කඩිනමින් තම ජංගම දුරකතනයෙන් VPN APP ඉවත් කරන ලෙස ද ඔහු පෙන්වා දෙයි.

නව අදහස දක්වන්න