රුසියාවේ 05 වැනි ජනාධිපතිවරණය අදයි | දිනමිණ

රුසියාවේ 05 වැනි ජනාධිපතිවරණය අදයි

ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 111ක් විසින් ඡන්දය ප්‍රකාශ කෙරෙන ලොව විශාලතම රාජ්‍ය වන රුසියානු සමූහ ආණ්ඩුවේ 05 වැනි ජනාධිපතිවරණය අද පැවැත්වේ‍.

උදෑසන 08ට ආරම්භ වන ඡන්ද විමසීම රාත්‍රි 08ට අවසන් වීමට නියමිත ය.

මෙවර රුසියානු ජනාධිපතිවරණය සඳහා ජනාධිපති විලැද්මීර් පුටින් ඇතුළු අපේක්ෂකයින් 08දෙනෙකු තරග වදින අතර ඊට එරට සිවිල් ආරම්භක පක්ෂය නියෝජනය කරමින් කෙසියා සොර්බක්, කාන්තා අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත්ව සිටින බවද සදහන්.

රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිට ජනාධිපතිවරණ අපේක්ෂක ධූරය අහිමි වීම ද විශේෂත්වයකි.

ජනාධිපති විලැද්මීර් පුටින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ සිව්වැනි වරටත් ලොව විශාලතම රාජ්‍යයේ බලය සියතට ගැනීමේ අරමුණිනි.

පුටින් පළමු වරට රුසියාවේ වැඩබලන ජනාධිපති ධුරයට පත්වුණේ 1999 වසරේ දෙසැම්බර් 31 වැනිදා ය.

2000 වසරේ මැයි 7 වැනිදා ඔහු රුසියානු සමූහ ආණ්ඩුවේ දෙවැනි ජනපති බවට පත්විය.

අනතුරුව ඔහු යළිත් වරක් රුසියාවේ හිමිකරු බවට පත්වූයේ 2012 වසරේදීයි.

හිතුවක්කාර, ඝෘජු තීරණ ගන්නා නායකයෙකු ලෙස ලෝක ප්‍රකට 65 හැවිරිදි විලැද්මීර් පුටින්ට 60% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයකින් යළි රුසියාවේ බලය හිමිවනු ඇති බවට දේශපාලන විචාරකයින් මත පල කරයි.

නව අදහස දක්වන්න