තෙල්වත්ත ගොඩගම මුහුදු වෙරළට ඩොල්ෆින් මත්ස්‍යයකු ගොඩ ගහලා | දිනමිණ

තෙල්වත්ත ගොඩගම මුහුදු වෙරළට ඩොල්ෆින් මත්ස්‍යයකු ගොඩ ගහලා

හික්කඩුව තෙල්වත්ත ගොඩගම මුහුදු වෙරළට පෙරේදා (17) ඩොල්ෆින් මත්ස්‍යයකු ගොඩ ගසා තිබුණි.

මේ ඩොල්ෆින් මත්ස්‍යයා දැක බලා ගැනීමට විදේශික පිරිසක්ද පැමිණ සිටියේය.

දිගින් අඩි 8ක් පමණ වන මේ ඩොල්ෆින්ගේ තැනින් තැන කැපුම් තුවාල දකින්නට තිබු බව ප්‍රදේශවාසීහු පැවසුහ. හික්කඩුව වනජීවී නිලධාරීන් පැමිණ මියගිය ඩොල්ෆින් මත්ස්‍යයා පිළිබඳව පරීක්ෂා කර වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ වනජීවී ප්‍රධාන කාර්යාලය වෙත රැගෙන යන ලදී.

හිනිදුම විශේෂ රවීන්ද්‍ර ලියනගේ 

නව අදහස දක්වන්න