හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් 20 වැනි සංවත්සරය සමරයි | දිනමිණ

හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් 20 වැනි සංවත්සරය සමරයි

සැමරුම් උත්සව අමුත්තන්ට-කණ්ඩායම් සාමාජිකයන්ට සහ ප්‍රජාවට වසර පුරා විවෘතයි

හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් ශ්‍රී ලංකාවේ සිය 20 වැනි සංවත්සරය සැමරීම පිළිබඳව නිවේදනය කරන ලදී. මේ සුවිශේෂී ගමන්මඟ සමරමින් පැවැත්වෙන උත්සව මේ වසර පුරා සිය අමුත්තන්, කණ්ඩායම් සාමාජිකයන් සහ ප්‍රජාව වෙනුවෙන් පැවැත්වෙනු ඇත.

20 වැනි සංවත්සරය සැමරීමේ ප්‍රථම උත්සවය පළමුවෙන්ම ජනමාධ්‍ය සාමාජිකයන් වෙනුවෙන් පැවැත්වෙන අතර, එහි දී, මේ සංවත්සර සැමරුම සහ සම පාර්ශ්විකයන් සිහිගන්වමින් නිර්මානය කරන ලද නව ලාංඡනයක් එළි දක්වනු ඇත. 2017 අප්‍රියෙල් මාසයේ දී ආරම්භ කළ ‘Meet With Purpose’ වැඩසටහන යටතේ හෝටලය විසින් තිරසර ප්‍රවේශයන් ගණනාවක් ක්‍රියාත්මක කළ අතර, සියලුම සමපාර්ශ්විකයන් මේ තිරසර ප්‍රවේශයන් අඛණ්ඩව පවත්වාගෙන යනු ඇත.

සිය ලෙන්ගතු අනුග්‍රාහකයන් සහ අමුත්තන් සඳහා වසර පුරා උත්සව පැවැත්වීමට ද හෝටලය යෝජනා කර ඇත. ප්‍රජාව හා සම්බන්ධයෙන්, විවිධත්වය සහ එක්කිරීම සහ නායකත්වය සඳහා කාන්තාවන් හැඩගැස්වීම යන තේමාවන් කේන්ද්‍රකර ගනිමින් දේශීය ප්‍රජාව සඳහා ව්‍යාපෘති මාලාවක් ක්‍රියාත්මක කිරීමට ද හෝටලය කටයුතු කර ඇත.

හිල්ටන් හෝටල සමූහයේ අග්නිදිග ආසියා කලාපයේ, මෙහෙයුම් පිළිබඳ උප සභාපති පෝල් හාටන් මහතා මේ සැමරුම් උත්සවවලදී සිය කණ්ඩායම සමඟ එක්ව සිටී. හිල්ටන් හෝටල් සමූහය යටතේ තවත් හෝටල් ගණනාවක් ඉදිවීමට ඇති තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ හිල්ටන් හෝටල සුවිශේෂී සාර්ථකත්වයක් පෙන්වා ඇත. මෙවැනි සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකි වූයේ දශක තුනකට වැඩි කාලයක් මුළුල්ලේ හිල්ටන් නාමය ශ්‍රී ලංකාව තුළ ස්ථාවරව පවත්වා ගැනීමට හැකි වූ නිසාය. හිල්ටන් වැනි සුප්‍රකට වෙළෙඳ නාමයක් දිවයින තුළ ක්‍රියාත්මකවීම මඟින් අනුස්මරණීය සංචාරක අත්දැකීම් ලබාදෙමින් සංචාරක ව්‍යාපාරයට මනා දායකත්වයක් ලබාදී ඇති අතර, හිල්ටන් කණ්ඩායම් සාමාජිකයන් බොහෝ දෙනකුගේ ජීවිතවලට ද යහපත් බලපෑමක් සිදුකර ඇත ’ යනුවෙන් හාටන් මහතා පැවැසීය.

මේ සුවිශේෂී ගමන්මඟ පිළිබඳ සඳහන් කළ හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් හි සාමාන්‍යාධිකාරී කරීම් චඞ්ලොව් මහතා, හිල්ටන් වෙළෙඳ නාමය ශ්‍රී ලංකාවේ සවිමත් බැඳීම් ඇති කර තිබෙන බවත්, එය ශ්‍රී ලංකාවේ පළමුවෙන්ම පිහිට වූ ජාත්‍යන්තර හෝටල් වෙළෙඳ නාමයක් වන බවත් පැවැසීය. 

නව අදහස දක්වන්න