සොෆ්ට්ලොජික් ඔටෝමොබයිල්ස් සංචාරක ප්‍රවාහනයට King Long බස්රථ 10ක් ලබා දෙයි | දිනමිණ

සොෆ්ට්ලොජික් ඔටෝමොබයිල්ස් සංචාරක ප්‍රවාහනයට King Long බස්රථ 10ක් ලබා දෙයි

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් හි අනුප්‍රාප්තික ආයතනයක් මෙන්ම King Long බස්රථ මෙරට බෙදාහැරීමේ සේවා නියෝජිතවරයා වන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම සුපිරි King Long බස්රථ 10ක් ආසියා පැසිෆික් කලාපයේ ප්‍රමුඛතම සංචාරක කළමනාකරණ සමාගමක් වන May Flower Holidays පුද්ගලික සමාගම වෙත ලබාදෙයි.

මෙම බස් රථ ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් සොෆ්ට්ලොජික් ඔටෝමොබයිල්ස් හි ප්‍රධාන විධායක නිලධාරි චමත් තෙන්නකෝන් මහතා සඳහන් කළේ සංචාරක කළමනාකරණ සමාගම් අපේක්ෂා කරන ප්‍රමිතිය, සුවපහසු බව හා උසස් තත්වය සහිතව King Long බස්රථ නිපදවෙන බව මෙයින් තහවුරු වන බවය. එමෙන්ම මෙම බස්රථ සඳහා ලබාදෙන විශිෂ්ට අලෙවියෙන් පසු සේවය , අමතර කොටස් සැපයීම, සේවා පහසුකම් සහ අනතුරු වලින් පසු අලුත්වැඩියා කිරීමේ පහසුකම්, පැය 24 පුරා ක්‍රියාත්මක මාර්ගස්ථ උපකාරක සේවා, යනාදී විශේෂතා පාරිභෝගිකයින්ට ලැබෙන විශේෂ වරප්‍රසාද ලෙස හැදින්විය හැකි බව ද තෙන්නකෝන් මහතා මෙහිදී පැවසීය.

සොෆ්ට්ලොජික් ඔටෝ මොබයිල්ස් හි අලෙවි අධ්‍යක්ෂ ගිහාන් විතාරණ මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ බස් රථ ක්ෂේත්‍රෙය් ලොව ප්‍රමුඛ බස් රථ සන්නාමයක් ලෙස King Long බස්රථය හැඳින්විය හැකි බවයි. සොෆ්ට්ලොජික් සමාගම හා King Long අතර වන දීර්ඝ කාලීන සමීප සබඳතාව ඔස්සේ මෙරට ජාතික ගමනාගමන කොමිසම හා සංචාරක ක්ෂේත්‍රයේ විශ්වාසය දිනූ නාමයක් බවට King Long සන්නාමය පත්ව තිබෙන බව ඒ මහතා පැවසීය. පාරිභෝගිකයාගේ සුව පහසුව උපරිම වන ආකාරයට නිමවා ඇති King Long බස්රථ එම පන්තියේ හොඳම පහසුකම් සහිත බවද හෙතෙම පෙන්වා දුන්නේය. 


නව අදහස දක්වන්න

Or log in with...