‘සැම්සන් රජරට’ ප්‍රංශයේ Terreal සමඟ එකතුව තවත් රජ ගමනක් අරඹයි | දිනමිණ

‘සැම්සන් රජරට’ ප්‍රංශයේ Terreal සමඟ එකතුව තවත් රජ ගමනක් අරඹයි

සියවස් ගණනාවක සිට පැවැත ආ මෙරට සෙවිළි උළු කලාව විප්ලවීය වෙනසකට ලක් කළ, සී/ස සැම්සන් රජරට ටයිල්ස් (පුද්ගලික) සමාගම මේ වසරේ දී තවත් පියවරක් ඉදිරියට තබමින් ප්‍රංශය කේන්ද්‍රකොටගත් ටෙරාකොටා ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක් වන Terreal සමඟ හවුල් නිෂ්පාදන වැඩපිළිවෙළකට ප්‍රවේශ විය. ඒ අනුව සැම්සන් රජරට ටයිල්ස් සමාගම සිය නිෂ්පාදන පරාසය පුළුල් කරමින් දේශීය වෙළෙඳ පොළට නව අයිතමයන් සහ මෝස්තර කිහිපයක් හඳුන්වා දෙනු ලැබීය.

ක්‍ෂේත්‍රයේ වසර 160කට අධික අත්දැකීම් ඇති , Terreal යනු ටෙරාකොටා ගොඩනැගිලි ද්‍රව්‍ය ක්‍ෂේත්‍රයේ සුපතල නාමයකි. සිය වසර ගණනාවක අත්දැකීම් මත පදනම් වෙමින් Building Beauty යන තේමාව ඔස්සේ, වහළයේ සිට ගෙබිම දක්වා වූ සියලුම ටෙරාකොටා අවශ්‍යතා සඳහා නව්‍යකරණය වූ මනස්කාන්ත නිෂ්පාදන රාශියක් ඔවුන් ගෘහ නිර්මාණකරණය වෙත ලබා දී ඇත. මෙය යූරෝ මිලියන 336ක පිරිවැටුපක් සහ ලොව පුරා සේවකයන් 2250කින් සමන්විත දැවැන්ත සමාගමකි.

දේශීය ව්‍යපාරයක් ලෙස ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරයක් වන DSI සැම්සන් සමූහ ව්‍යාපාරය අනුබද්ධිත සැම්සන් රජරට ටයිල්ස් පුද්ගලික සමාගම මැටියෙන් තැනූ විවිධාකාරයේ සෙවිලි උළු සහ ටෙරාකොටා බිම් ඇතිරුම් නිෂ්පාදන නිපදවීමේ විශේෂඥ සමාගමකි. ‘සැම්සන් රජරට’ නිපැයුම් අන්තර්ජාතික මට්ටමෙන් පිළිගැනීමට ලක්වන අතර, ඒවා නිපදවනු ලබන්නේ ජාත්‍යන්තර මට්ටමේ උසස්ම ප්‍රමිතීන්ගෙන් යුක්තවය. පාරිභෝගිකයන් හට, නිවර්තන දේශගුණික තත්ත්වයන් සඳහා ගැළපෙන ශක්තිමත්, සෞඛ්‍යාරක්‍ෂිත සහ සෞන්දර්යාත්මක අපූර්වත්වයෙන් යුත්, මැටියෙන් තැනූ සෙවිලි උළු සහ බිම් ඇතිරුම් නිෂ්පාදන මාලාවක් මෙයින් පිරිනමනු ලබයි.

නව අදහස දක්වන්න