කිතු බැතිමතුනගේ එකම වන්දනාව කිතු සමිඳාණෝය | දිනමිණ

කිතු බැතිමතුනගේ එකම වන්දනාව කිතු සමිඳාණෝය

හලාවත රදගුරු හිමි

ඇතැම් මූලධර්මවාදීන් කතෝලික බැතිමතුන් තලවිල චතාරික මංගල උළෙලේදී සුරුවම්කරුවන් ලෙස හැඳින්වීමට උත්සාහ ගත්තද කිතුනු විශ්වාසය එම සුරුවම්වලට ගරුකිරීම මිස වන්දනා කිරීම නොවන බවත් දෙවිපියාණන් විශ්වාසිකයන්ට ලබා දුන් සංකේත යථාර්ථය පෙන්වා දෙන බවත්, හලාවත රදගුරු අතිඋතුම් දේව්ශ්‍රිත වැලැන්ස් මෙන්ඩිස් හිමිපාණෝ පවසා සිටිති.

ක‍තෝලික වන්දනාවට හිමිවන්නේ කුරුසියේ යාගය තුළින් කිතුනුවන්ට විමුක්තිය හිමිකර දුන් කිතු සමිඳුන්ටයි. කිතු දහමේ බීජය වන ප්‍රේමයේ සංකේතය කුරුසියයි යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

වැලැන්ස් මෙන්ඩිස් හලාවත රදගුරු හිමිපාණන් එසේ පැවසුවේ පසුගිය ඉරුදින තලවිල සාන්ත ආනා ජාතික සිද්ධස්ථානයේ පැවැති චතාරික උළෙලේ මංගල්‍ය දේව මෙහෙයේදීය.

මෙම දේව මෙහෙයෙන් අනතුරුව සාන්ත ආනා මුනිශ්වරියගේ ප්‍රතිමාව පෙරහරකින් දෙව්මැදුර භූමිය වටා ගෙනයමින් සැදැහැවතුන් ආසිරි ගැන්විණි. සිද්ධස්ථාන පාලක නෙල්සන් සමන්ත ප්‍රනාන්දු පියතුමාත්, සහයක පියතුමා ප්‍රධාන දායක සභාව මංගල්‍ය කටයුතු උත්කර්ෂවත්ව සංවධානය කර තිබූ අතර අතිඋතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු මන්නාරම රදගුරුතුමා ද මෙයට එක්ව සිටියහ. දහස් සංඛ්‍යාත බැතිමත්හු මෙම උළෙලට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න