මන්ත්‍රී ප්‍රසන්න රණවීර රිමාන්ඩ් | දිනමිණ

මන්ත්‍රී ප්‍රසන්න රණවීර රිමාන්ඩ්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික) ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එ් මහර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කැලණිය ප්‍රාදේශීය සභාවට නිදහස් පක්ෂයෙන් තරඟ කළ අපේක්ෂකයෙකුට පහරදුන් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරට චෝදනා එල්ල වී තිබිණි.

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට අවස්ථා කිහිපයකදී පොලිස් කණ්ඩායම් ඔහුගේ නිවසට ගිය බවත්, එම අවස්ථාවලදී ඔහු එහි නොසිටි බවත් පැවසේ.

පසුගිය 28 වැනිදා රාත්‍රියේ කිරිබත්ගොඩ විහාරමහා දේවී බාලිකා විදුහල ආසන්නයේ පිහිටි නිවසක පැවති උපන්දින සාදයක් අතරතුර ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා සහ තවත් පුද්ගලයෙකු මෙලෙස පහරදී ඇත්තේ ජගත් ප්‍රසන්න ගමගේ නැමැති පුද්ගලයෙකුටය.

පහරකෑමට ලක්වු එම පුද්ගලයා මේ වනවිටත් කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

නව අදහස දක්වන්න