රිච්මන්ඩ්-මහින්ද 113 වැනි ආදරවන්තයන්ගේ සටන වර්ෂාවෙන් සේදෙයි | දිනමිණ

රිච්මන්ඩ්-මහින්ද 113 වැනි ආදරවන්තයන්ගේ සටන වර්ෂාවෙන් සේදෙයි

රිච්මන්ඩ් විදුහලත් මහින්ද විදුහලත් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැති 113 වැනි ආදරවන්තයන්ගේ හටනට දෙවන දිනයේ තේ පානයෙන් පසු වර්ෂාවෙන් සිදුවූ බාධා හේතුවෙන් තරගය අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ. තරගය නතර කරන විට ලකුණු 203 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි මහින්ද පිල ලකුණු 20 කට කඩුළු දෙකක් දැවී තරමක් අසීරු තත්ත්වයක සිටියේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් රිච්මන්ඩ් පිල ලකුණු 170 කට සීමා කිරීමට මහින්ද පිලේ පන්දු යවන්නෝ සමත් වූහ. වමතින් දග පන්දු යවමින් පසන් පෙතන්ගොඩ කඩුළු 5ක් සහ නවෝද් පරණවිතාන කඩුළු 3ක් දවා ගත් අතර ලකුණු 60 කට කඩුළු 4 ක් දැවී සිටි තම පිල වෙනුවෙන් ඩුවීන් කලංසූරිය අගනා ලකුණු 42 කින් දායක විය. තම පළමු ඉනිම සදහා පිටියට පිවිසි මහින්ද පිල පළමු දිනය අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 70 ක් ලබා සිටි අතර දිලුම් සූධීර ගේ සහ සඳුන් මෙන්ඩිස් ගේ පන්දු හමුවේ දෙවන දිනයේ ලකුණු 118 කට දැවී ගියේය. දිලුම් සහ සඳුන් කඩුළු පහ බැගින් දවා ගත් අතර ලකුණු විස්සේ සීමාව පසු කිරීමට හැකිවූයේ ආරම්භක පිතිකරු යුගලය වූ නවෝද පරණවිතානට සහ හංසික වැළිහිඳට පමණි.

තවීෂ අභිෂේක් නොදැවී ලබා දුන් වේගවත් ලකුණු 71 න් ශක්තිමත් වූ රිච්මන්ඩ් පිල ලකුණු 150 කට කඩුළු 4 ක් දැවී තිබියදී තේ පානයේ දී තම ඉනිම අත්හිටුවා මහින්ද පිලට ලකුණු 203 ක ජයග්‍රාහි ඉලක්කයක් ලබා දුනි.

හොදම පිතිකරු - තවීශ අභිශේක් (රිච්මන්ඩ්)

හොදම පන්දු යවන්නා - සඳුන් මෙන්ඩිස් (රිච්මන්ඩ්)

හොදම පන්දු රකින්නා - විමුද් සප්නක (රිචිමන්ඩ්)

තරගයේ වීරයා - දිලුම් සුධීර (රිච්මන්ඩ්)

රිච්මන්ඩ් පළමු ඉනිම - 170 (ඕවර 62.4) ඩුවින් කලංසූරිය 42, ධනංජය ලක්ෂාන් 31, දිලුම් සුධීර 25, අවිඳු තීක්ෂණ 22 (පසන් පෙතංගොඩ 46/5, නවෝද් පරණවිතාන 20/3) සහ දෙවැනි ඉනිම - 150/4 (ඉනිම අත්හිටුවන ලදි - ඕවර 33) තවීශ අභිෂේක් නොදැවී 71, ආදිත්‍ය සිරිවර්ධන 20 ( නිපුන් මාලිංග 50/2)

මහින්ද පළමු ඉනිම - 118 (ඕවර 53.4) නවෝද් පරණවිතාන 27, හංසික වැලිහිඳ 26 (දිලුම් සුධීර 29/5, සඳුන් මෙන්ඩිස් 38/5) සහ දෙවැනි ඉනිම - 20/2 (ඕවර 15) ආදිත්‍ය සිරිවර්ධන 5/2යි.

ප්‍රියාන් ද සිල්වා මාතර ක්‍රීඩා

නව අදහස දක්වන්න