ගාමිණී දිසානායක 76 වැනි ජන්ම දින සැමරුම අදයි | දිනමිණ

ගාමිණී දිසානායක 76 වැනි ජන්ම දින සැමරුම අදයි

ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන, වැවිලි කර්මාන්ත හිටපු අමාත්‍ය 1994 වසරේ ජනාධිපති අපේක්‍ෂක ගාමිණී දිසානායක මහතාගේ 76 වැනි ජන්ම දින සැමරුම මාර්තු මස 20 වන අද දිනට යෙදී තිබේ.

මේ නිමිත්තෙන් එදින පෙ.ව. 9.00 ට කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි එතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ චාම් උත්සවයක් පැවැත්වීමට ගාමිණී දිසානායක පදනම කටයුතු සංවිධානය කර ඇති අතර එදිනම ප.ව. 2.30ට රාජගිරිය පිහිටි වික්ටෝරියා සුවකළ නොහැකි රෝගීන් ගේ නිවාසයේ නේවාසික රෝගීන් උදෙසා සවස තේ පැන් දානයක් පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර ඇත.

කොළබ 08 ජයවර්ධනාරාමාධිපති දේවහන්දිය පඤ්ඤාසේකර නායක ස්වාමින් වහන්සේ වැඩම කරවා විශේෂ ධර්ම දේශණයක් පැවැත්වීමටද කටයුතු සංවිධානය කොට ඇත.

2018 මාර්තු 22 වැනි දින නුවරඑළිය ගාමිණී දිසානායක තාක්‍ෂණික හා වෘත්තීය පුහුණු ආයතනයේ දි ගාමිණී දිසානායක ගුණ සමරු දේශණයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල‍ෙ දේශකයාණන් ලෙස සහභාගි වේ. මෙය විවෘත දේශණයක් ලෙස පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.


නව අදහස දක්වන්න

Or log in with...