නුවරඑළියේ පානීය ජලයට අසූචි මිශ්‍ර වෙලා | දිනමිණ

නුවරඑළියේ පානීය ජලයට අසූචි මිශ්‍ර වෙලා

නුවරඑළිය නගර සීමාවට බෙදා හැරෙන පානීය ජලයෙහි වැඩි බහුතරයක් අසූචි මිශ්‍ර වී ඇති බවට වාර්තා වේ.

නුවරඑළිය ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මෙහි ජල සාම්පල වල සිදු කළ පරීක්ෂාවේදි අනාවරණය වී ඇත්තේ, ඉකෝලයි නම් අසූචිවල හට ගන්නා බැක්ටීරියාවක් ජලයට එක්ව ඇති බව ය.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ සෞඛ්‍ය නිලධාරීන් ප්‍රකාශ කළේ, ජල මූලාශ්‍රයන්ගෙන් අසුචි මිශ්‍ර වීමේ සම්භාවිතාවක් නොමැති බව ය.

නුවරඑළිය නගර සීමාවට ජලය සැපයෙන්නේ පිදුරුතලාගල රක්ෂිතයේ ඇති ජල මූලශ්‍ර 08කින් වන අතර එම ජලය ටැංකිවලට එක්රැස් කර ක්ලෝරීන් එක්කර බෙදා හැරීම සිදු කෙරේ.

කෙසේ වෙතත්, නගරයේ ඇතැම් ව්‍යාපාරික ස්ථානයන්හි නිසි පරිදි මළ අපවහන ක්‍රියාවලියක් නොමැති අතර මළ ද්‍රව්‍ය සෘජුවම ඇළ මාර්ග වෙත මුදාහරින බව ද සදහන්.

සෞඛ්‍ය නිලධාරීන් පැවසුවේ, මෙම ප්‍රදේශයන්හි භූගත ජල නළ පද්ධතිය දැඩි ලෙස පලදු වී ඇති අතර එම අසූචි පානීය ජලයට මිශ්‍ර වන බව ය.

 


නව අදහස දක්වන්න