ඉන්දියානු තෙළෙඟු දේසාම් පක්ෂය ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයෙන් ඉවත් වෙයි | දිනමිණ

ඉන්දියානු තෙළෙඟු දේසාම් පක්ෂය ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයෙන් ඉවත් වෙයි

 රජයට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන එන බව පවසමින් ඉන්දීයානු තෙළෙඟු දේසාම් පක්ෂය එරට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයෙන් ඉවත් වී ඇත. භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් තම පක්ෂය ඉවත් වන බව එම පක්ෂයේ නායකයා වන ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත මහ ඇමැති චන්ද්‍රබාබු නයිදු විසින් නිවේදනය කර තිබේ.

ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභාවේදී ආණ්ඩුවට එරෙහිව මේ විශ්වාසභංගය ගෙන එන බව ඔහු සඳහන් කරයි. විශ්වාසභංග යෝජනාවක් පිළිගැනීමට පක්ෂයකට අත්සන් 50ක් තිබිය යුතුය. ලෝක සභාවේ සිටින වයි.එස්.ආර් කොංග්‍රස් පක්ෂ සාමාජිකයන් ගණන 9ක් වන අතර තෙළඟු දේසාම් පක්ෂ සාමාජිකයන් ගණන 16කි.

චන්ද්‍රබාබු නයිදු භාරතීය ජනතා පක්ෂ සභාපති අමිත් ෂා වෙත ලිපියක් යොමු කරමින් රජය තෙලන්ගානා ජනතාවගේ අපේක්ෂා ඉටු නොකළ බවත් ප්‍රාන්තයේ කටයුතුවලට ද අපේක්ෂා කළ පමණින් සහයෝගය නොදුන් බවත් සඳහන් කරයි. ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට සිදු වූ අසාධාරණයට අගමැති මෝදි වගකිව යුතු බව පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ දී චන්ද්‍රබාබු නයිදු අගමැතිවරයාට සෘජුව චෝදනා කළේය. 

නව අදහස දක්වන්න