අගමැතිට එරෙහි විශ්වාසභංගය පටු දේශපාලන අරමුණක් | දිනමිණ

අගමැතිට එරෙහි විශ්වාසභංගය පටු දේශපාලන අරමුණක්

අසේල කුරුළුවංශ

තම පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා රට අස්ථාවර කිරීමේ අරමුණින් ඒකාබද්ධ විපක්ෂයේ 40දෙනකු ගෙන් සමන්විත කල්ලියක් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට උත්සහ කරන බවත් එය පරාජය කිරීමේ ශක්තිය හා හැකියාව ආණ්ඩුව සතු බවත් ස්වදේශ කටයුතු නියෝජ්‍යය ඇමැති ජේ.සී අලවතුවල මහතා පැවසීය.

මෙම විශ්වාස භංගය සඳහා එක්සත් ජාතික පක්ෂයේ කිසිවකුත් සහාය දෙතැයි තමන් විශ්වාස නොකරන බවත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ සිටින කණ්ඩායමේ අය මෙයට සහාය දෙන්නේ නම් නම්බුකාර ලෙස ඇමැති පදවිවලින් ඉවත්වී එය කරන ලෙස තමන් දැනුම් දෙන බවත් ඒ මහතා කීය.

මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පෙරේදා (19) බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍යය හමුවේ අදහස් දක්විමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

අද ආණ්ඩුවේ ඇමැතිකම් දරමින් අගමැතිවරයා ඉවත් කළ යුතු බවට කතා කරන බොහෝ දෙනෙකු මහ මැතිවරණයේ දී ජනතාව ප්‍රතික්ෂේප කළ අය බවත් ජනවරමක් නොමැති අය අගමැතිවරයාට විශ්වාසභංග ගෙන ඒමට කතා කිරීම විහිළුවක් බවත් හෙතෙම කීවේය.

එක්සත් ජාතික පක්ෂයේ නව වෙනසක් ඉදිරියේ දී සිදුවන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද පක්ෂයේ ජනතාවට දැනෙන වෙනසක් සිදුවිය යුතුය යන ස්ථාවරයේ සිටින බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

 


නව අදහස දක්වන්න