LTTE - රන් හා අවි සොයා සෝදිසියක් | දිනමිණ

LTTE - රන් හා අවි සොයා සෝදිසියක්

අවසන් යුද සටන් පැවැති මුලතිව්, මුල්ලිවයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ එල්.ටීටී.ඊ. සංවිධානය විසින් රත්තරන් හා යුද අවි තොගයක් වළ දැමූ බවට සැක සහිත ස්ථානයක ආරක්ෂක අංශ මගින් කැණීම් අාරම්භ කලේය.

සිදුකල කැණීමවලදී එහි කිසිවක් නොමැති වීම හේතුවෙන් නැවත හෙට කැණීම් සිදුකිරීමට නියමිතය.

මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසියට හා යුද හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර්ගේ නියෝගයක් මත යන්ත්‍රානුසාරයෙන් මෙම කැණීම සිදු කෙරිණි.

පැය තුනක පමණ කාලයක් මෙම කැණීම් සිදු කළද පොළව යටින් ජලය මතු වීමත් සමග කැණිම් කටයුතු තාවකාලිකව නවතා දැමුණු අතර කැණීම් කටයුතු යළි හෙට පැවත්වීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

නව අදහස දක්වන්න