ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට | දිනමිණ

ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට

ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වන නිකලස් සාර්කෝසිව අත්අඩංගුවට ගෙන ඇත.

හිටපු ලිබියා නායක මුවම්මර් ගඩාෆිගෙන් තම මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා මුදල් ලබාගත් බවට නැගෙන චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටයි ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

2007 වසරේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කළා. මින් පෙර ද ඔහුගෙන් පොලීසිය ප්‍රශ්න කර ඇත.

ඔහුගේ හිටපු සහායකයෙකු වන ඇලෙක්සැන්ඩර් ජෝරි ලන්ඩන් නුවරදී අත්අඩංගුවට ගැනුණි. සාර්කෝසි 2012 වසරේ පැවති ජනාධිපතිවරණයට තරග කළ ද ඔහුට ඉන් ජය ගැනීමට හැකි වුණේ නැත.

හිටපු ජනාධිපතිවරයාට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධයෙන් පරික්‍ෂණ ඇරඹුණේ 2013 වසරේ දී ය. ප්‍රංශ ලෙබනන් ව්‍යාපාරිකයෙකු හා ගඩාෆි රජයේ හිටපු නිලධාරීන් කිහිප දෙනෙකුයි සාර්කෝසිට එරෙහිව චෝදනා එල්ල කර තිබේ. එහෙත් ඔහු මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබේ.

නව අදහස දක්වන්න