බස් නැවතුමේ දී මහලු මවකට පහර දුන් බස් රියදුරු අත්අඩංගුවට | දිනමිණ

බස් නැවතුමේ දී මහලු මවකට පහර දුන් බස් රියදුරු අත්අඩංගුවට

 බදුල්ල බස් නැවතුමේ දී මහලු මවකට සැරමිටියෙන් පහර දුන් බව කියන බස් රියදුරකු සමඟ බසය අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ ධාවනය වන පෞද්ගලික සුඛෝපභෝගී මගී බස් රථයක් බස් නැවතුම්පොළේ පිටුපසට ධාවනය කරමින් සිටියදී ඒ අසලින් ගමන් කරමින් සිටි මහලු මවකගේ සැරමිටිය බසයේ වැදීමත් සමඟ එයට උරණ වූ රියදුරු බසයෙන් බැස මහලු කාන්තාවට ඇගේ සැරමිටියෙන්ම අමානුෂික ලෙස පහර දෙමින් සිටියදී අසල සිටි මගීන් ඇය බේරාගෙන තිබේ.

පහර කැමට ලක්වු කාන්තාව කෑගසමින් සිටියදී සැකකාර රියදුරා රුපියල් 200ක මුදලක් එම කාන්තාවට දී පලායැමට තැත්කිරීමේදී පහර කැමට ලක්වු මහලු කාන්තාව ද රියදුරාට සැරමිටියෙන් පහරක් එල්ල කර තිබේ.

සිද්ධිය වු ස්ථානයේ බලා සිටි සිය ගණනක් මගීන් සැකකාර රියදුරා අල්ලා පොලිස් නිලධාරීන්ට බාරදී ඇත.

සටහන හා ඡායාරූපය ඌව පළාත් සමූහ
ප්‍රසන්න පත්මසිරි 

නව අදහස දක්වන්න