විශ්වාසභංගයට අස්සන් 55යි - මහින්ද අස්සන් කර නෑ | දිනමිණ

විශ්වාසභංගයට අස්සන් 55යි - මහින්ද අස්සන් කර නෑ

 පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රි සංඛ්‍යාව වන 225 දෙනාගෙන් මන්ත්‍රිවරුන් 55 දෙනෙකු පමණක් අස්සන් කර ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව චෝදනා 14ක් ඇතුළත් විශ්වාස භංග යෝජනාවක් ඒකාබද්ධ විපක්‍ෂය විසින් කතානායක කරූ ජයසූරිය මහතා වෙත ඊයේ (21) භාර දුන්නේය. මෙම විශ්වාස භංග යෝජනාව සඳහා හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අස්සන් කර නොමැති බවද වාර්තා වේ. එසේම විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 51 දෙනෙකු අස්සන් කළද සිරිපාල ගම්ලත් සහ රොෂාන් රණසිංහ යන මහත්වරුන් අත්සන් කර නොමැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හතර දෙනෙක්ද මෙම යෝජනාවට අස්සන් තබා තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් පාර්ලමේන්තුවේ කතානායකවරයාගේ නිල කාමරයේදි මෙම විශ්වාසභංග යෝජනාව ඊයේ පස්වරු 2.35 ට පමණ භාරදුන්නේය.

ඉඩම් රාජ්‍ය ඇමති ටි. බි. ඒකනායක, රාජ්‍ය කළමනාකරණ හා පරිපාලන නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචිනිලමේ, වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම සහ ආණ්ඩු පක්ෂ ශ්‍රීලනිප මන්ත්‍රී කාදර් මස්තාන් යන මහත්වරුන් මෙම විශ්වාසභංග යෝජනාවට අස්සන් කර ඇත.

දිනේෂ් ගුණවර්ධන, චමල් රාජපක්ෂ, වාසුදේව නානයක්කාර, විමල් විරවංශ, උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, සාලින්ද දිසානායක, රංජිත් ද සොයිසා, මහින්දානන්ද අලූත්ගමගේ, ෂෙහාන් සේමසිංහ, ජාන වක්කුඹුර, කනක හේරත්, තාරක බාලසුරිය, ඉන්දික අනුරුද්ධ, විමලවිර දිසානායක, බන්දුල ගුණවර්ධන, නිරෝෂන් ප්‍රේමරත්න, ඩි.වි චානක, නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, සිසිර ජයකොඩි, පියල් නිශාන්ත, ප්‍රේමලාල් ජයසේකර, විදුර වික්‍රමනායක, සි.බි රත්නායක, රමේෂ් පතිරණ, දිලූම් අමුණුගම, කෙහෙළිය රඹුක්වැල්ල, කාංචන විජේසේකර, ඩුලිප් විජේසේකර, විජිත බේරුගොඩ, සනත් නිශාන්ත, අරුන්දික ප්‍රනාන්දු, කුමාර වෙල්ගම, පියංකර ජයරත්න, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්.එම් චන්ද්‍රසේන, පද්ම උදයශාන්ත, මොහාන් පි. ද සිල්වා, චන්ද්‍රසිරි ගජධිර, නිමල් ලන්සා, ප්‍රසන්න රණවිර යන මන්ත්‍රීවරුන් විශ්වාසභංගයට අස්සන් තබා තිබේ.

ස්වර්ණා‍ විජේකෝන්, රෝෂන් තුෂාර, චමීර ඇල්ලදෙණිය 

නව අදහස දක්වන්න