කුරු­ණෑ­ගල ග්‍රාමසේවා වසම් 610කට අදි­යර 4 ක් යටතේ නියං සහ­නා­ධාර | දිනමිණ

කුරු­ණෑ­ගල ග්‍රාමසේවා වසම් 610කට අදි­යර 4 ක් යටතේ නියං සහ­නා­ධාර

ඉකුත් කාලයේ පැවැති දැඩි නියඟ තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 610 ක පුද්ගලයන් සඳහා අදියර හතරක් යටතේ නියං සහනාධාර ලබාදී ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න මහතා පැවැසිය.

2017.08.01 දා සිට ආරම්භ වූ මෙම වැඩසටහනේදී පළමු අදියර යටතේ 171782 ට රුපියල් මිලියන 389 ක් ද දෙවන අදියරේ පවුල් 162027 ක් සඳහා රුපියල් මිලියන 377 ක් ද තුන්වැනි අදියරේදී පවුල් 152490 ක් සඳහා රුපියල් මිලියන 338 ක් ද හතරවැනි අදියරේදී පවුල් 152190 ක් සඳහා රුපියල් මිලියන 316.5 ක් ද වියළි සලාක ලබාදී ඇත.

මෙහිදී සාමාජිකයන් දෙදෙනකු සිටින පවුලක් සඳහා සති දෙකකට රුපියල් 2000 ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍යයද සාමාජිකයන් 03 ක් හෝ ඊට වැඩි සාමාජිකයන් සිටින පවුලක් සඳහා සති දෙකකට රුපියල් 2500 ක වියළි ආහාර ද්‍රව්‍ය සමුපකාර අලෙවිසල් හරහා සැපයීමට කටයුතු යොදා ඇත.

සේන ඉදිරිසිංහ

නව අදහස දක්වන්න