Landmark’s Park Residencies සම­ඟින් සාමූ­හික ජීවි­ත­යක් ගත කිරී­මට යොමු වීම | දිනමිණ

Landmark’s Park Residencies සම­ඟින් සාමූ­හික ජීවි­ත­යක් ගත කිරී­මට යොමු වීම

දේපළ විසඳුම් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වීම පරමාර්ථයක් කොට ගෙන ඉදිරියට යන නව නිපැයුම් සංවර්ධන සමාගමක් වන Landmark (Pvt) Ltd පවතින ක්‍රමය වෙනස් කරමින් නිශ්චල දේපළ විසඳුම් ඉදිරිපත් කරයි. එසේම ඔවුන්ගේ නවතම ව්‍යාපෘතිය වන Park Residencies වර්තමාන නිවාස පදිංචිකරුවන් Condominium ජීවන රටාව දෙසට යොමු කිරීම ඔවුන්ගේ උත්සාහයයි.

ශ්‍රී ලංකාවේ මෙන්ම ඕස්ට්‍රේලියාවේ ද ප්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවක් වන නීලංගනී හපන්ගම මෙහි සභාපතිනි වශයෙන් ක්‍රියා කරන අතර, ඇය තම ජීවිතයෙන් බොහෝ කාලයක් ළමා ගෘහ භාණ්ඩ, ළමා සෙල්ලම් බඩු සැලසුම් කිරීමෙහි නිරත වී ඇත. ව්‍යාපාරික කටයුතු සඳහා තම මවගේ අඩි පාරෙහි යමින් සිය ව්‍යාපාරික දැනුම හසුරවමින් Landmark (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්‍ෂ එක්සිත් හපන්ගම මහතා ද Landmark (Pvt) Ltd හරහා නවීන පන්නයේ නිවාස සාදයි.

Park Residencies යනු Landmark හි පළමු ව්‍යාපෘති දෙකෙන් එකක් වන අතර, එහි යෝගා කිරීම් සඳහා පෙදෙසක්, ජිම් එකක්, පිහිනුම් තටාකයක් හා කුඩා අවන්හලක් ද ඇතුළත් වන පරිදි නිර්මාණශීලී අදහස් ඇති තරුණ ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් සැලසුම් කර නිර්මාණය කර ඇති අතර, මේ ව්‍යාපෘතිය නිවාස 16 කින් සමන්විතය. ඊට අමතරව පවුල් ඒකකයක වැදගත්කම හේතුකොට ගෙන ඉදිවෙන Park Residencies නිවැසියන් හට තම අසල්වාසීන් සමඟ සහයෝගයෙන් සිටීමට උනන්දු කරවන අංගෝපාංග සමඟින් හිතකර පරිසරයක් නිර්මාණය කිරීම ද සැලැස්මෙහි ඇතුළත් විය.


නව අදහස දක්වන්න