සෙර­න්ඩිබ් තිරිඟු පිටි සමා­ගම කාන්තා සවිය බල ගන්වයි | දිනමිණ

සෙර­න්ඩිබ් තිරිඟු පිටි සමා­ගම කාන්තා සවිය බල ගන්වයි

සෙරන්ඩිබ් තිරිඟු පිටි සමාගම කාන්තාවන් සමාජයට ලබා දෙන විශිෂ්ට දායකත්වයට සිය ආචාරය පුද කරමින් පසු ගිය 8 වැනි දා ‘සෙවන් ස්ටාර් කාන්තාව - හෙට දවස උදෙසා ඔබ බල ගැන්වීම’ යන තේමාව යටතේ ලෝක කාන්තා දිනය සැමරුවේ ය. කාන්තාවන් ජීවිතයේ සියලු ක්ෂේත්‍රවල ඉටු කරන කාර්ය භාරය අගය කරමින් මාර්තු 8 වැනි දා අන්තර්ජාතික මට්ටමින් ලෝක කාන්තා දිනය සමරනු ලැබේ.

සෙරන්ඩිබ් තිරිඟු පිටි සමාගම වගකීම් සහගත සමාජීය පුරවැසියකු ලෙස ක්‍රියා කරමින් මේ දිනය සුවිශේෂී ආකාරයකින් සමරණ ලදි. ලෝක කාන්තා දිනය දා සිය අදහස් බෙදාහදා ගැනීම සඳහා විශිෂ්ට කාන්තාවන් පිරිසකට ආරාධනා කළ අතර, එය ජෙට්විං කලම්බු සෙවන්හි සංවාද මණ්ඩපයක් ලෙස පැවැත්වූයේය. කථිකයන් ලෙස සහභාගි වෙමින් ජෝන් කීල්ස් හෝල්ඩිංස් ආයතනයේ විධායක උප සභාපතිනි රොෂානි මොරායස් මහත්මිය සමායතනික ක්ෂේත්‍රය තුළ දී තමන් ලද අත්දැකීම් ගැන ද කාන්තාවක ලෙස තමන් මුහුණ දුන් අභියෝග ගැන ද කතා කළාය. EASE පදනමේ සමාරම්භක අනෝජා රාජපතිරණ මහත්මිය කාන්තාවක, මවක හා ගුරුවරියක ලෙස තමන් ආ ගමන පිළිබඳ අදහස් බෙදාහදා ගත්තාය. Bakes by Bella ආයතනයේ මෙලීසා ධර්මදාස මහත්මිය තමන් සූපවේදි ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛයකු බවට පත් වූ ආකාරය විස්තර කළාය. මේ සැසියෙන් පසුව සංවාද මණ්ඩපයේ සාමාජිකයන් සාකච්ඡාවට සහභාගි වූ අතර, ඉන් අනතුරුව ශ්‍රාවකයන්ට ප්‍රශ්න ඇසීම සඳහා අවස්ථාව දෙනු ලැබිණ.

සැසියේ දී ඉස්මතු වූ එක් ප්‍රධාන අදහසක් වූයේ වර්තමාන සංකීර්ණ සමාජය තුළ කාන්තාවන් නිසැක වශයෙන්ම විවිධ කාර්ය භාරයන් ඉටු කරන බව සහ ඔවුන් විවිධ ක්ෂේත්‍රයන්හි දී බොහෝ ජයග්‍රහණ අත් කර ගෙන ඇති බවයි. වැඩි වශයෙන් පුරුෂාධිපත්‍ය ඇති සමාජයක් තුළ කටයුතු කරන නමුත් සියලු කාන්තාවන් තමන් පිරිමින් හා සමාන බව සලකා කටයුතු කිරීමේ අවශ්‍යතාව සෑම කථිකයෙක්ම පුන පුනා සඳහන් කළේය. විවිධ කාර්ය භාරයන් ඉටු කිරීමට කාන්තාවන්ට තිබෙන හැකියාව ඔවුන් සතු වැදගත්ම ශක්තිය වන අතර, ඔවුන් පිවිසෙන සෑම ක්ෂේත්‍රයක දී එම හැකියාව ඇගයීමට ලක් විය යුතුය. ඇතැම් අවස්ථාවල දී තමන්ගේ වටිනාකම ඔප්පු කිරීම සඳහා පිරිමින්ට වඩා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදු වුවද සත්‍යවාදී වන ලෙසත් තම අනන්‍යතාව හා ජයග්‍රහණ ගැන ආඩම්බර වෙන ලෙසත් කථිකයෝ කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියහ.

නව අදහස දක්වන්න