හෝල්ඩිංග්ස් සමා­ගම පාරි­භෝ­ගික පහ­සු­වට නව වෙබ් අඩ­වි­යක් දියත් කරයි | දිනමිණ

හෝල්ඩිංග්ස් සමා­ගම පාරි­භෝ­ගික පහ­සු­වට නව වෙබ් අඩ­වි­යක් දියත් කරයි

 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි නිමි ඇඳූම් නිෂ්පාදන සමාගමක් වන එබොනි හෝල්ඩිංග්ස් (Ebony Holdings) සමාගම විසින් පසුගිය දා සිය නව වෙබ් අඩවිය උත්සවාකාරයෙන් දියත් කරනු ලැබිණි. සමාගමේ සේවක මණ්ඩලය, කළමනාකාරීත්වය සහ ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වය ඇතිව කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති උත්සවයක දී මේ නව වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කෙරුණි. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයෙක් වන ෆාසිල් මරීජා මහතා මේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය.

නව වෙබ් අඩවිය හරහා Vantage, Ebony සහ Flash වැනි සන්නාම යටතේ එන නවීන විලාසිතාවේ කමිස සහ කලිසම් මෙන්ම සුවපහසුව සම්බන්ධයෙන් නමක් දිනා ඇති පිරිමි යට ඇඳුම් ඇතුළු එබොනි සමාගමේ පුළුල් නිෂ්පාදන පරාසය පිළිබඳ තොරතුරු පහසුවෙන් ලබා ගැනීමට පාරිභෝගිකයන් හා අලෙවි නියෝජිතවරුන්ට හැකියාව ලැබී ඇත.

‘එබොනි හෝල්ඩිංග්ස් සමාගම දශක දෙකකට වැඩි ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟළුම් සමාගමක්. Vantage සහ Ebony වැනි අපේ සන්නාම වෙළෙඳ පොළ තුළ ඉහළ ඉල්ලුමක් ඇති ජනප්‍රිය නිෂ්පාදනයි. අපේ සාර්ථකත්වයට හේතුව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් සහ නිමාවෙන් යුත් නවීන විලාසිතාවේ පිරිමි නිමි ඇඳුම් පාරිභෝගිකයන්ට ලබාදීමට ඇති කැපවීම. නව වෙබ් අඩවිය හරහා පාරිභෝගිකයන්ට ලබා දෙන සේවාව තව දුරටත් පහසු කරමින් අන්තර්ජාලය තුළ අපේ සන්නාම ශක්තිමත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා’ යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් එබොනි හෝල්ඩිංග්ස් සමාගමේ සභාපති රස්මි රහීම් මහතා පැවැසීය. එබොනි හෝල්ඩිංග්ස් සමාගම Vantage, Ebony සහ Flash වැනි සිය ජනප්‍රිය සන්නාම හරහා දිවයින පුරා පාරිභෝගිකයන්ට නවීනතම විලාසිතාවේ නිමි ඇඳුම් ගෙන ආ සමාගමකි. නිෂ්පාදනවල උසස් තත්ත්වය සහ ඉහළ පාරිභෝගික සේවය නිසා එබොනි හෝල්ඩිංග්ස් සන්නාම දිනෙන් වර්ධනය වන පාරිභෝගික පිරිසක් අතර ඉතා ජනප්‍රියය. නව වෙබ් අඩවිය හරහා සිය පාරිභෝගික සහ නියෝජිත පිරිසට පිරිනමන ඉහළ සේවය තුළින් සිය සබඳතාවය තව දුරටත් සවිමත් කර ගැනීමට සමාගම අපේක්ෂා කරයි.


නව අදහස දක්වන්න

Or log in with...