කෙස්ක­ළඹ සමඟ අත්හදා බැලී­ම්ව­ලට දිරි­ග­න්වන Sunsilk Hairstory 2018 | දිනමිණ

කෙස්ක­ළඹ සමඟ අත්හදා බැලී­ම්ව­ලට දිරි­ග­න්වන Sunsilk Hairstory 2018

වර්තමාන ලෝකය තුළ ගැහැනු ළමයින්ගේ භූමිකාව සාම්ප්‍රදායික සීමා මායිම්වලින් ඔබ්බට විහිදී පවතින බව රහසක් නොවේ. එමෙන්ම ඔවුන්ගේ භූමිකාව එකම චරිතයකට සීමා වන්නේ නැත. මෙවැනි පසුබිමක් තුළ ගැහැනු ළමයින්ට තම සංකීර්ණ ජීවන රටාවන්හි දී මුහුණදීමට සිදුවන එක් ප්‍රධානතම ගැටලුවක් වන්නේ තම කෙස්කළඹ නිසි ආකාරයට හැඩගන්වා ගැනීම සම්බන්ධ ගැටලුවයි. මේ ගැටලුවට පිළියමක් ලෙස, වසරේ ජනප්‍රියම හිසකෙස් විලාසිතාවන් 16ක් සමඟින් රූපලාවණ්‍ය විශේෂඥ රමණි ප්‍රනාන්දු මහත්මිය සමඟ එක්වී Sunsilk Hairstory 2018 වැඩසටහන සංවිධානය කිරීමට සන්සිල්ක් කටයුතු කළේය.

‘ශ්‍රී ලංකාවේ ගැහැනු ළමයින් තමන්ගේ හිසකෙස් සම්බන්ධයෙන් අත්හදා බැලීම් කරන්නට පසුබට වෙනවා. බොහෝ දෙනෙක් අවස්ථාව කුමක් වුවත් හුදෙක් පෝනිටේල් ක්‍රමයට හිසකෙස් සැකසීමට හෝ නිදහසේ මුදා හැරීමට පෙළඹෙනවා. සන්සිල්ක් මේ උත්සාහ කරන්නේ ඒ වෙනුවට ඉතාමත් හොඳ විකල්ප ඇති බව ඔවුන්ට පෙන්වා දෙන්නටයි. Sunsilk Hairstory 2018 තුළින් ඔවුන්ට තම කෙස් කළඹ වටිනා ආභරණයක් කරගන්නා ආකාරය ඉගෙන ගැනීමට හැකිවේවි.’ සන්සිල්ක් ශ්‍රී ලංකා හි සන්නාම කළමනාකාරිනී මුනාසා රෆීක් මහත්මිය පැවසුවාය.

වර්තමානයේ එකිනෙකට වෙනස් භූමිකාවන්ට පණපොවන අතරවාරයේ තම කෙස්කළඹ සම්බන්ධයෙන් අත්හදා බැලීම් සිදුකිරීමට ගැහැනු ළමයින්ට දිරිය දීම Sunsilk Hairstory 2018 හි ඉලක්කය වේ. සාර්ථක වෘත්තීය ජීවිත ගතකරන කාන්තාවන්, ක්‍රීඩිකාවන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් සහ සමාජයේ නොයෙක් අයුරින් කැපීපෙනෙන වෙනත් ගැහැණු ළමයින් ඇතුළු සියලුම දෙනාට මේ සඳහා මඟපෙන්වීමට Sunsilk Hairstory 2018 සහ රමණි ප්‍රනාන්දු මහත්මිය සූදානමින් සිටී. ‘ගැහැනු ළමයින් තමන්ට ආවේණික විලාසිතාවන් ගොඩනංවා ගන්නා විවිධ ක්‍රම තිබෙනවා. ඇඳුම් පැළඳුම්, පාවහන්, රූපලාවණ්‍ය කටයුතු ඇතුළු මේ සියලු දේවල් ඒ සඳහා ඔවුන්ට උපකාරී වෙනවා. Sunsilk Hairstory 2018 සමඟ අප උත්සාහ කරන්නේ ඔවුන්ට තම අනන්‍යතාව හඳුනා ගැනීමේදී සහ ප්‍රදර්ශනය කිරීමේදී ප්‍රධාන අංගයක් ලෙස තම කෙස්කළඹ භාවිත කළ හැකි ක්‍රම කියා දීමටයි.’ රමණි ප්‍රනාන්දු මහත්මිය පැවැසුවාය.


නව අදහස දක්වන්න