HNB ලීසිං සෙනොක් ජේසීබී සමඟ අව­බෝ­ධතා ගිවි­සු­ම­කට එළැඹේ | දිනමිණ

HNB ලීසිං සෙනොක් ජේසීබී සමඟ අව­බෝ­ධතා ගිවි­සු­ම­කට එළැඹේ

වර්තමානයේ දීපව්‍යාප්තව සිදුකෙරෙන මහා පරිමාණයේ ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතු සඳහා සහාය වනු පිණිස HNB ලීසිං සෙනොක් ටේ‍්‍රඞ් කම්බයින් පුද්ගලික සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට පසුගිය දා එළැඹිනි. මේ අවබෝධතා ගිවිසුමට අනුව HNB ලීසිං පාරිභෝගිකයන්ට සෙනොක් වෙතින් ජේසීබී සහ බැකෝ ලොඩර් යන්ත‍්‍ර විශේෂ මිල ගණන් යටතේ අත්පත් කර ගැනීමට හැකි වනු ඇත.

මේ විශේෂිත මිල සහනය යටතේ ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතුවල නිරතව සිටින ආයතන සඳහා එක්සත් රාජධානියේ සහ ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන අලුත්ම බැකෝ ලෝඩර් වඩාත් ආකර්ෂණීය සහ පහසු ලීසිං සේවා යටතේ මිලදී ගැනීමට හැකියාව ලබා දී ඇත. HNB ලීසිං වෙතින් මේ යන්ත‍්‍ර මිලදී ගන්නා පාරිභෝගිකයන් සඳහා විශේෂිත පොලී අනුපාත, සහනදායි ලීසිං වාරික මෙන්ම රුපියල් මිලියන 4ක් දක්වා ජීවිත රක්ෂණාවරණයක් ලබා දෙනු ඇත.

දශක 4කට අධික ව්‍යාපාරික අත්දැකීම් සහිත සෙනොක් ආයතනය විවිධාංගීකරණය වූ ව්‍යාපාර රැසකින් සමන්විත වන අතර, ඉදිකිරීම් ආශ‍්‍රිත උපාංග සහ මෝටර් රථ සඳහා ශ‍්‍රී ලාංකීය වෙළෙඳ පොළ නායකත්වය හිමිකර ගෙන සිටී. ඔවුන් විසින් අලෙවි කරනු ලබන ඉදිකිරීම් උපකරණ සහ රථ වාහන සඳහා අලෙවියෙන් පසු සේවාවන් ලබා දෙයි.

HNB ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව ලෙස 2017 වසරේ දී බි‍්‍රතාන්‍යයේ කීර්තිමත් මූල්‍ය ප‍්‍රකාශනයක් වන ද බෑන්කර් සඟරාව විසින් නම් කළ අතර, එම වසරේ දී මූල්‍ය කාර්යසාධනය සහ ලාභදායීත්වය අතින් මෙරට විශිෂ්ටතම බැංකු ලෙසින් ද HNB නම් කරන ලදි. එමෙන්ම ආසියාවේ කීර්තිමත් මූල්‍ය සඟරාවක් වන ඒෂියා මනී ආසියානු පැසිපික් කලාපයේ විශිෂ්ටතම ක්ෂුද්‍ර මූල්‍ය සේවාව සපයන්නා ලෙසින් 9 වතාවක් තෝරා ගත් අතර, ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික සමාජ වගකීම් ඉටු කරන බැංකුව ලෙසින් ද නම් කරන ලදි. මීට අමතරව CFA ශ‍්‍රී ලංකා සම්මාන උළෙලේ දී HNB සම්මානයට පාත‍්‍ර වූ අතර, ශ‍්‍රී ලංකාවේ සමාගම් අතර විශිෂ්ටතම වාර්ෂික මූල්‍ය වාර්තා 10 අතරට ද තෝරා ගැනුණි. මීට අමතරව LMD සහ බිස්නස් ටුඬේ ව්‍යාපාර ශ්‍රේණිගතකරණයේ අංක 2 ස්ථානයට පත් වන්නට ද HNB සමත් විය.


නව අදහස දක්වන්න