ශ්‍රීදේවිගේ දියණිය සිනමාවට | දිනමිණ

ශ්‍රීදේවිගේ දියණිය සිනමාවට

බොලිවුඩ් සිනමාවේ ආදරණීය තරුව වන පසුගියදා හදිසියේ මිය ගිය ශ්‍රී දේවිගේ, වැඩිමහල් දියණිය වන ජාන්වී කපූර් පිළිබඳ මේ දිනව විශේෂ ප්‍රවෘත්තියක් වාර්තා වේ.

ඒ ඇය මෙම වසරේ එළිදැක්වීමට නියමිත චිත්‍රපටයක් ඔස්සේ රංගනයට පිවිසීමයි.

‘Dhadak’ නම් මෙම චිත්‍රපටය මෙම වසරේ ජූලි මාසයේ එළිදැක්වීමට නියමිතය.

මේ වන විට 21 වැනි වියේ පසුවන ජාන්වී රංගනයට පිවිසෙනු ලබන කාරණාව ඇතැමුන්ට සුබදායී පුවතක් වුවත් යම් පාර්ශ්වයක් ඇයගේ සිනමා ආගමනය පිළිබඳව ඇත්තේ නොසතුටකි. ජාන්වී රංගනය පිළිබඳව ලොස් ඇන්ජලීස් හි පිහිටි Lee Strasberg Theatre and Film Institute තුළින් උපාධියක්ද හදරා තිබේ.

මේ කාරණා කෙසේ වුවත්, තමන්ගේ මවගේ ගෞරවය සහ ඇය වෙනුවෙන් සිනමාවේ ඉදිරියට යෑමට තීරණය කර තිබෙන බව ඇය සඳහන් කර ඇතැයි බොලිවුඩ් තොරතුරු වාර්තා කර ඇත.


නව අදහස දක්වන්න