මහ ඇමැති කුසලානය දීප්තිකා ජයකොඩි දිනයි | දිනමිණ

මහ ඇමැති කුසලානය දීප්තිකා ජයකොඩි දිනයි

 රාජකීය තුරග සමාජය වසන්ත සමයේ පවත්වන තුරග තරගමාලාවේ පළමු අදියෙර්දී මහ ඇමති අභියෝගතා කුසලානය දිනා ගැනීමට දීප්තිකා ජයකොඩි මෙනවියගේ අල්කසබා අශ්වයා සමත් විය. අල්කසාබාගේ අශ්වාරෝහක ලෙස එස්.දයාලන් කටයුතු කළ අතර මීටර් 1400 ක දුරකින් සමන්විත වූ එම තරගයේ දෙවැනි ස්ථානය, පාර්ශුරාම් අශ්වයාට හිමි වූ අතර බ්‍රිලියන්ට් කට් අශ්වයා එහි තෙවැනි ස්ථානයට පත් විය.

මෙවර තරග 6 කින් සමන්විත තරගාවලියේදී අසුන් 45 ක් පමණ තරග වැදුණු අතර ඉන්දියාවේ සිට පැමිණි පළපුරුදු අශ්වාරෝහකයන් පිරිසක් ද එක්වූහ.

මේ වසරේ වසන්ත සමය ආරම්භ කරමින් පැවැති මෙම තරගවලින් අනතුරුව අප්‍රේල් මස 1, 15 සහ 28 යන දිනවලදී තවත් තරගාවලි 3ක් පැවැත්වීමට රාජකීය තුරඟ සමාජය කටයුතු යොදා තිබේ. මේ තරග වලට සමගාමීව සංගීත ප්‍රසංග හා විනෝදාස්වාද ක්‍රීඩා ද සංවිධාන කොට ඇත.

තරග ප්‍රතිඵල

මහ ඇමති අභියෝගතා කුසලානය - අල්කසබා ( එල්. දයාලන් ) දීප්තිකා ජයකොඩි

සුගතදාස ක්‍රීඩාංගණ කුසලානය - සෙලෙස්ටියල් ෆයර් (ඒ. විෂ්වනාත්) ෆියර්ලස් අශ්වගාල

චැට්ස්වර්ත් කුසලානය - ඔනර්ස් (ඒ. විෂ්වනාත්) ෆියර්ලස් අශ්වගාල

අජිත් චෙට්ටි අනුස්මරණ කුසලානය - ස්පිරිටඞ් ටච් ( ඒ. විෂ්වනාත්) ෆියර්ලස් අශ්වගාල

ෆා ෆැවිලියන් කුසලානය - එයාර් බෝන් II ( සංජීවන් ) හසංග ජයරත්න

විලා මයුර කුසලානය - ට්‍රොපිඩෝ (ඒ. විෂ්වනාත්) අනුර දෙල්ගොඩ 

නව අදහස දක්වන්න