වායුගෝලයේ කැළැඹීමක් ආනමඩුවේ නිවෙසක් හදිසියේම ගිනිඅරන් | දිනමිණ

වායුගෝලයේ කැළැඹීමක් ආනමඩුවේ නිවෙසක් හදිසියේම ගිනිඅරන්

ආනමඩුව ආත්තිකුලම ප්‍රදේශයේ නිවෙසක් 20 වෙනි දින රාත්‍රියේ හදිසියේ ඇති වූ ගින්නකින් මුළුමනින්ම විනාශ වී තිබේ.

ගිනි ගැනීම සිදුවන අවස්ථාවේ නිවසේ කිසිවෙකු නොසිටි අතර ගින්නට හේතුව නිශ්චිතවම අනාවරණය වී නොමැත.

පවතින දැඩි වියළි කාලගුණය හා සුළං තත්ත්වය හේතුවෙන් ශීඝ්‍රයෙන් ගින්න පැතිරී ගොස් තිබීම නිසා නිවාස සියලුම දෑ ගින්නෙන් විනාශවී ගොස් තිබේ.

මේ නිවසේ ආනමඩුව කන්නන්ගර විද්‍යාලයේ 10 වසර ඉගෙනුම ලබන දැරියක් සිටින අතර ඇයගේ පාසල් පොත පත ඇතුළු සියල්ල ගින්නෙන් විනාශ වී ගොස් ඇත.

දැඩි ආර්ථික අපහසුතාවයන් මධ්‍යයේ මේ දැරිය අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යනු ලබයි.

විනාශ වී ගිය නිවස නැවත සකස් කර ගැනීමට සහ ඇයගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා උපකාර කරන ලෙසට පරිත්‍යාගශීලීන්ගෙන් ඇය ඉල්ලා සිටී.

ඡායාරූප - මාරවිල සමූහ

නව අදහස දක්වන්න