අගමැති විශ්වාසයි | දිනමිණ

අගමැති විශ්වාසයි

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර, මහින්ද අලුත්ගෙදර

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි පවතින විශ්වාසය තව දුරටත් ස්ථිරසාරව තහවුරුව පවතින බව සඳහන් කරමින් අගමැතිවරයාට සහාය පළ කරමින් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම යෝජනාවක් අත්සන් කර ඇත. එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීමෙන් පසුව මෙම යෝජනාවට අත්සන් කර ඇති අතර ඒ සඳහා මන්ත්‍රීවරු අසූවකට වැඩි පිරිසක් අත්සන් කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි විශ්වාසය පළ කරමින් අස්සන් කළ යෝජනාව ඊයේ (22) දහවල් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙත භාර දී ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විශ්වාස භංග යෝජනාවක් භාරදීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් මෙවැනි පියවරක් ගත් බව නීතිය හා සාමය ඇමැති රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කළේය.

ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් කමිටු ශාලාවක රැස්වීමක් පවත්වා ඉන් අනතුරුව මෙම තිරණයට එළැඹ තිබේ.

ඉන් පසුව අත්සන් ලේඛනයට අත්සන් තැබීම අරඹා ඇති අතර දැනට විදේශ ගතව සිටින මන්ත්‍රීවරුන් හැර සෙසු මන්ත්‍රීවරුන් මිට අත්සන් තබා ඇතැයි ද ඇමතිවරයා සදහන් කළේය.

ඔසේමඅගමැතිවරයාටඑරෙහිවිහ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ද එම මන්ත්‍රී කණ්ඩායම තීරණයකර ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි විශ්වාසය පළ කිරීම‍ වෙනුවෙන් අත්සන් කර ඇති අදාළ යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් දිනමිණ කළ විමසීමේ දී ඔවුන් සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වන බවයි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පෙරමුණේ සියලුම මන්ත්‍රීවරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අත්වැල් බැඳ‍‍ගෙන සිටින බවත් ඔවුහු සඳහන් කළහ. ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංගයට අත්සන් කළ 55 පරදවමින් ඊයේ (22) දහවල් වනවිට අසූවට වැඩි පිරිසක් මෙම යෝජනාවට අත්සන් කළ බවත් පැවසූහ. 

 

නව අදහස දක්වන්න