වෙළෙඳ සේවා ක්‍රිකට් කිරුළ කැන්රිච් ෆිනෑන්ස් දිනාගනී | දිනමිණ

වෙළෙඳ සේවා ක්‍රිකට් කිරුළ කැන්රිච් ෆිනෑන්ස් දිනාගනී

 වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධාන කළ වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම සමත් විය.

කොළඹ වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩා පිටියේ පැවැති අවසන් තරගයේදී කැන්රිච් පිල හමුවේ සීඩීබී කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත්විය.

තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් කැන්රිච් පිල ලබාදුන් ලකුණු 213ක ඉලක්කය හඹාගිය සී.ඩී.බී. කණ්ඩායමට ඕවර 42.5 කදී ලබාගත හැකි වූයේ ලකුණු 179ක් පමණි. තරගය සඳහා අයහපත් කාලගුණය බාධාවක් වූ නිසා විනිසුරුවරුන්ගේ තීරණය මත ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කැන්රිච් කණ්ඩායමට ලකුණු 23කින් ජයග්‍රහණය හිමිවිය.

ජයග්‍රාහී කැන්රිච් කණ්ඩායමේ කසුන් චාමර ලකුණු 69ක් ද, ශෂික ප්‍රනාන්දු ලකුණු 63 ක් ද රැස්කළ අතර, පන්දු යැවීමේදී උදිත මල්ෂාන් කඩුලු 3ක් හා තරුෂාන් ඉද්දමල්ගොඩ කඩුලු 2ක් දවා ගත්හ.

නව අදහස දක්වන්න