බෙන්තිස්හේන රක්ෂිතයේ ගින්නක් | දිනමිණ

බෙන්තිස්හේන රක්ෂිතයේ ගින්නක්

තිහගොඩ විශේෂ

කඹුරුපිටිය, පලොල්පිටිය බෙන්තිස්හේන රක්ෂිත ප්‍රදේශයේ ගින්නක් පැතිරී යමින් පවති. මේ හේතු කර ගෙන මේ වන විටත් අක්කර 10 ප්‍රමාණයක් සම්පුර්ණයෙන් විනාශයට පත් වී තිබේ. දැනට ගම්වාසින් හා රාජ්‍ය නිලධාරින් එක් වී ගින්න මැඩ පැවැත්විමේ කටයුතු සිදු කරන අතර තවමත් ගින්න පාලනය කර ගැනිමට නොහැකි වී ඇත. මේ වන විට ඇති වී ඇති සුළං තත්ත්වය හේතු කර ගෙන ගින්න පැතිර යමින් පවතින අතර මේ නිසා අවට නිවාස හතළිහක පමණ අවදානම් තත්ත්වයට පත් වි තිබේ.

නව අදහස දක්වන්න