මාකඳුරේ මධුෂ් ස්විස් යාමට පෙර අත්අඩංගුවට | දිනමිණ

මාකඳුරේ මධුෂ් ස්විස් යාමට පෙර අත්අඩංගුවට

පාතාල නායකයෙකු වන මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නමැත්තා මේ වන විට ඉතාලියේ සිටින බවට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අනාවරණ කරගෙන ඇතැයි වාර්තාවේ.

එහි උසස් නිලධාරියෙකු අනාවරණය කර ඇත්තේ, සැකකාර මධුෂ් ඉතාලියේ සිට ස්විට්සර්ලන්තය වෙත යාමට උත්සාහ කරමින් සිටින බවයි.

සැකකරු මීට පෙර ඩුබායි හි සැඟව සිට ඇති අතර එරට ඇති නීති ක්‍රමවේදය හේතුවෙන් මෙරට ආරක්ෂක අංශවලට ද ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

කෙසේ වෙතත්, ඔහු ඉතාලියේ රැදී සිටින ස්ථානය හඳුනාගෙන ඇති අතර, නුදුරු දිනෙකදීම මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගන්නා බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

අරුණ දමිත් උදයංග හෙවත් සමයං සහ මෑතකදී ඝාතනයට ලක්වූ කොස් මල්ලී නැමැත්තා ද ඝාතනය කිරීමේ මෙහෙයුම් සිදුකර ඇත්තේ මාකඳුරේ මධුෂ් විසින් බවයි පොලිසිය සදහන් කලේ.

 

නව අදහස දක්වන්න