ඉන්දුනීසියා භූ කම්පනයෙන් මෙරටට බලපෑමක් නැහැ | දිනමිණ

ඉන්දුනීසියා භූ කම්පනයෙන් මෙරටට බලපෑමක් නැහැ

නැගෙනහිර ඉන්දුනීසියාවේ රික්ටර් පරිමාණ  6.4 ක ප්‍රබල භූකම්පනයක් අද(26) උදෑසන සිදුව අැතැයි විදේස් මාධ්‍ය වාර්තා කර අැත. 
 
ඒ අනුව සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබේ.
 
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ බන්ඩා මුහුදේ  සිට කිලෝමීටර් 171 ක් ගැඹුරින් මෙම කම්පනය සිදුව අැති බවය.
 
කෙසේ වෙතත්, ඉන්දියානු සාගරයේ රටවල්වලට තර්ජනයක් නොමැති බව මේවන විට නිෙව්දනය කර අැත.
 
මීට පෙර පෙබරවාරි 26 වනදා ද මෙවැනි  භූමිකම්පාවක්  ඉන්දුනීසියාවේ හටගත් අතර එයින් කිසිදු හානියක් සිදු නොවූ බව වාර්තා වේ.
 
ඉන්දුනීසියාවේ බාෙහා් අවස්ථාවල භූකම්පන අැති වේ.
 
2004 වසෙර් දී ඉන්දුනීසියානු සාගරයේ අැති වූ 9.3 ක ප්‍රබල භූකම්පනෙයන් හට ගත් සුනාමි රළ හේතුවෙන් පුද්ලයින් 168,000 ක් එරට ජීවිතක‍්ෂයට පත් විය.

නව අදහස දක්වන්න