‘ස්වර්ණ සිංහ සංග්‍රාමය’ජය පරාජයෙන් තොරයි | දිනමිණ

‘ස්වර්ණ සිංහ සංග්‍රාමය’ජය පරාජයෙන් තොරයි

හත් වැනි වරට මාතර රාහුල විද්‍යාලයත් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයත් අතර පැවැති ‘ස්වර්ණ සිංහ සංග්‍රාම’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය ‍මාතර උයන්වත්ත පිටියේදී ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

තරගයේ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ධර්මපාල විදුහල් පළමු ඉනිම සසිත් මනුරංගගේ (25/6) සහ සජිත රාජපක්ෂගේ (36/4) පන්දු යැවීම හමුවේ ලකුණු 126 කට සීමා විය. ධර්මපාලයේ ආරම්භක පිතිකරු යුලගය පළමු කඩුල්ලට ලකුණු 71ක අනගි සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර ඊට මලිත් සඳකැලුම් ලකුණු 44 කින් සහ අමිල ඩයනක ලකුණු 21 කින් දායක වුහ.

මුල් දිනය නිමා වන විට පළමු කඩුල්ල සඳහා බිනර සිකේත් (55) සහ සහන් බණ්ඩාර (53) වාර්තා කළ ලකුණු 95 ක සබඳතාවෙන් රාහුල පිල 124/3ක ප්‍රබල තත්ත්වයක පසුවු අතර දෙවැනි දිනයේ දිවා ආහාරයට පෙර ලකුණු 181කට දැවී ගියහ. විශිෂ්ට පන්දු යැවීමක නිතරවූ වමතින් දග පන්දු යවන චමිදු සේරසිංහ කඩුලු 8ක් දවා ගත් අතර දිල්ශාන් ද සිල්වා ඉතිරි කඩුලු දෙකට හිමිකම් කීවේය.

නායක උරාජ් චලක ලකුණු 43කින් දායක විය. අමිල ඩයනක නැවතත් පිත්තෙන් දස්කම් දක්වමින් ධර්මපාල දෙවැනි ඉනිම සඳහා පන්දු 174 කට මුහුණ දෙම්න් ලකුණු 96ක් රැස් කළේය. කඩුලු 5ක් දැවී ලකුණු 144 ක් ලබා සිටියදී ධර්මපාල පිල දෙවැනි ඉනිම අත්හිටවූ අතර රාහුලයට ඕවර 8කදී ලකුණු 90ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට ආරාධනා කෙරුණි. තරගය අවසානයේ රාහුල පිල ලබා සිටියේ කඩුල්ලක් දැවී ලකුණු 21කි.

රාහුලයේ සසිත් සනුරංග තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

ධර්මපාල පළමු ඉනිම - 126 (ඕවර 41.4) මලිත් සඳකැලුම් 44, අමිල ඩයනක 21, ලක්ෂිත පුරසිංහ 17, අවිශ්ක හසරින්ද 16 (සසිත් මනුරංග 25/6, සජිත රාජපක්ෂ 36/) සහ දෙවැනි ඉනිම - 144/5 (ඕවර 54.3) අමිල ඩයනක 96 (සසිත් මනුරංග 52/2, සජිත රාජපක්ෂ 57/2)

රාහුල පළමු ඉනිම - 181 (ඕවර 82.3) බිනර සංකේත් 55, සහන් බණ්ඩාර 53, උරාජ් චලක 43(චමිදු සමරසිංහ 57/8, ඩිල්ශාන් ද සිල්වා 70/2) සහ දෙවැනි ඉනිම - 21/1 (ඕවර) 9

ප්‍රියාන් ද සිල්වා මාතර ක්‍රීඩා 

නව අදහස දක්වන්න