මහබාගේ පොලිසියේ කුඩු විකුණනවා | දිනමිණ

මහබාගේ පොලිසියේ කුඩු විකුණනවා

ඇමැති ජෝන්ගෙන් චෝදනා

“මහබාගේ පොලිසියේ මත්ද්‍රව්‍ය විකුණන බවට මට තොරතුරු ලැබී තිබෙනවා. පොලිසිය ඔවුන් අල්ලන්නේ නැතිව සාක්කු පුරවා ගන්නවාලු. මේ හේතුවෙන් මහා බාගේ පොලිස් වසම තුළ මත් වතුර නිෂ්පාදනය විකිණීම මත්ද්‍රව්‍ය ජාවාරම බෙහෙවින්ම ඉහළ ගොස් ඇතිබව කව්රුත් හොඳින් දන්නා සිද්ධියක්.

මහා බාගෙ පොලිසියේ ස්ථානාධිපති වරයාට මේවා පාලනය කර ගන්න බැරිනම් ස්ථානාධිපතිවරයා මේ පොලිස් ස්ථානයෙන් ඉවතට යායුතුයැයි සංචාර ප්‍රවර්ධන කටයුතු හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා වැලිසර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමේදී කියා සිටියේය. වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා මේ රැස්වීම් වාරයට රාජ්‍ය හා ව්‍යවස්ථාපිත සංස්ථා නිලධාරීන් හා නිලධාරිනීන්. මෙම සභාවාරයට නොපැමිණි බලධාරීන් හා නිලධාරීන් පිළිබඳව ගම්පහ දිසා ලේකම්වරයාගේ අවධානයට යොමු කරවන ලෙස වත්තල ප්‍රාදේශීය ලේකම් ඩී.පී.ටී. සී. රාජිතා මහත්මියට නියම කළේය.

ඒ මහතා මෙසේද පැවසීය.

වත්තලට බලපාන අනවසර ඉඩම්වලට ඔප්පු ලබා දීම සාර්ථඛව ඉදිරියට යනවා. මේ වනවිට සැලකිය යුතු සංඛ්‍යාවකට ඔප්පු ලබාදී තිබෙනවා. ඔප්පු ලැබීමට සුදුසු නම් ඇති සෑම දෙනාටම නොපමාව ඔප්පු ලබා දෙනවා.

නිවාස හානි අයට නිවාස ලබාදීමේ ව්‍යාපෘති ක්‍රියාවට නංවා තිබෙනවා. කැළි කසළ ප්‍රශ්නයට ස්ථිර විසඳුම් ලබා දීමට පියවර කීපයක් ගෙන තිබෙනවා.

ගමක් ගමක් පාසා සමෘද්ධි ලාභීන්ගේ සංසහයන් ගෙන අනවශ්‍ය සමෘද්ධි ගෙවීම කපා හැර නියම සුදුස්සන්ට සමෘද්ධි ලබාගැනීමට අවස්ථාව ලබාදිය යුතු යැයිද ඇමැතිවරයා පැවසීය.

හැඳල විශේෂ ජූලියන් කෝරාළ 

නව අදහස දක්වන්න