නොරිටාකේ කාබන් විමෝචනය අවම කිරීමේ ව්‍යාපෘතියට JASTECA සම්මාන උළෙලේදී රිදී සම්මානය | දිනමිණ

නොරිටාකේ කාබන් විමෝචනය අවම කිරීමේ ව්‍යාපෘතියට JASTECA සම්මාන උළෙලේදී රිදී සම්මානය

නොරිටාකේ ලංකා පෝසිලේන් සමාගම විසින් ක්‍රියාත්මක කරන ලද කාබන් විමෝචනය අවම කිරීමේ ව්‍යාපෘතිය පසුගියදා පැවති JASTECA සම්මාන උළෙලේදී ආයතනික සමාජ සත්කාරක/ තිරසාරත්ව රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය සභාපති යොෂිනාරි ෂිමායා මහතා පැවසුවේ Ò රටේ තිරසාර සංවර්ධනය උදෙසා අප සිදු කරන අඛණ්ඩ ප්‍රයත්නයන් අගය කරමින් මෙවැනි සම්මානයක් ලබා දීම පිළිබඳව අප කෘතඥපූර්වක වනවා. මෙම තිරසාර සංවර්ධන පුරුදු තුළින් පොදු ජනතාවටත් සමාජයටත් දීර්ඝ කාලීනප්‍රතිලාභ ලැබෙනවා. Ó

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ආයතන සඳහා ඔවුන්ගේ ව්‍යාපාරික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ආයතනික සමාජ වගකීම් අනුගමනය කිරීම හා ඒ සදහා අනුබල දීම සඳහා ජපාන ලංකා තාක්ෂණික සහ සංස්කෘතික සංගමය (JASTECA) විසින් සංවිධානය කරන ලද එම සම්මාන උළෙල සංවිධාන කෙරී තිබෙනවා. එමඟින් රාජ්‍ය හා පෞද්ගලික අංශවල ආයතනික සමාජ වගකීම් ප්‍රයත්නයන් හා කැපවීම සඳහා නිසි පිළිගැනීමක් සැපයේ. JASTECA හි ආරම්භක සභාපති ඉයන් ඩයස් අබේසිංහ මහතා සිහිපත් කිරීමේ අරමුණ ඇති ව මෙම නවෝත්පාදක වැඩසටහන වාර්ෂිකව පවත්වනු ලැබේ.

මෙම වැඩසටහන සංවිධානය කිරීමේ අරමුණ වන්නේ ආයතනික සමාජ වගකීම් ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා සංවිධාන දිරිමත් කිරීම මඟින් සමාජීය, ආර්ථික දියුණුව සඳහාත් ස්වභාවික පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහාත් අවකාශ විවර කිරීමයි. සමාගම, එහි සේවකයින්ගේ, ඔවුන්ගේ පවුල්වල, සහ සමාජයේ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර ආචාර ධර්ම ඉහළින් ආරක්ෂා කිරීම සඳහා කැප වී සිටී.

දේශගුණික විපර්යාස හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම වැනි කරුණු ගෝලීය ව්‍යාපාරික කටයුතුවලදී වැඩිම අවධානයක් යොමු වී ඇති ක්ෂේත්‍ර දෙකක් ලෙස හඳුනා ගැනීමට හැකි වන අතර පෝසිලේන් භාණ්ඩ නිපදවීම කාබන්ඩයොක්සයිඩ් වායු විමෝචනයට ප්‍රධානතම දායකත්වයක් සපයන ක්ෂේත්‍රයක් වන බැවින් නොරිටාකේ ලංකා පෝසිලේන් පෞද්ගලික සමාගම ගෝලීය ව්‍යාපාරික පද්ධතිය තුළ සිය තිරසාර පැවැත්ම තහවුරු කර ගැනීමේ යාන්ත්‍රණයක් වශයෙන් කාබන් විමෝචනය අවම කිරීමේ වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

නව අදහස දක්වන්න