වාස් ගුණවර්ධන ඇතුළු 05 දෙනෙකුට ඇප | දිනමිණ

වාස් ගුණවර්ධන ඇතුළු 05 දෙනෙකුට ඇප

නීතිවිරෝධී ලෙස ගිනි අවි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු 05 දෙනෙකු ඇප මත මුදා හරින ලෙස අධිකරණය අද නියෝග කලේය.

ඒ, කොළඹ මහාධිකරණයේ නියෝගයකට අනුවයි.

එහිදී අධිකරණය නියෝග කළේ රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙසටයි.

මීට පෙර ඔවුන් ප්‍රතිශෝධන අයදුම්පතක් මගින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට මිට පෙර කොළඹ මහාධිකරණ මරණ දඩුවම හිමිවිය.

නව අදහස දක්වන්න