යෝජනාව පරදවන්නට සිතිය නොහැකි බලවේග මේ වනවිට එක්රැස් වෙලා | දිනමිණ

යෝජනාව පරදවන්නට සිතිය නොහැකි බලවේග මේ වනවිට එක්රැස් වෙලා

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීම සඳහා සිතිය නොහැකි බලවේග පවා මේ වනවිට ඒකාරාශිව සිටින සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එමෙන්ම විශ්වාසභංග යෝජනාව නියත වශයෙන්ම පාර්ලිමේන්තුවේදී හෙට (2) පරාජය පත් කරන බවද, ඒ සඳහා ඉතා ශක්තිමත් පදනමක් මේ වනවිට සකසා ඇති බවද ඇමැතිවරයා කියයි.

2015 ජනවරම ආපසු හැරවීමට ඉඩ නොදෙන බවද, එම ජනවරම වෙනුවෙන් කටයුතු කළ සියලුදෙනාට එය රැක ගැනීමට යුතුකමක් ඇති බවද ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 2015 ජනවරමට විරුද්ධවූ අය පසුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ විශ්වාසභංගය හරහා වෛරය පිරිමසා ගැනීමට කටයුතු කරමින් සිටින බවද ඇමැතිවරයා සඳහන් කරයි.

විශ්වාසභංග යෝජනාවට පරාජයට පත් කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය 2020 ජනාධිපතිවරණ හා මහාමැතිවරණ සටන ආරම්භ කරන බවත් ඒ ඇමැතිවරයා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවැසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (2) පැවැති මාධ්‍ය හමුවේදී ය.

සිතාරා සේනානි, චන්දිමා කරුණාරත්න 

නව අදහස දක්වන්න