නිළි රැජින මාලනී රංගන දිවියේ පනස් වසර සමරයි | දිනමිණ

නිළි රැජින මාලනී රංගන දිවියේ පනස් වසර සමරයි

 

වසර පනහක් පුරා ජාතික හා ජාත්‍යන්තර සම්මානයන්ට පාත්‍ර වෙමින් ශ්‍රී ලංකාවේ නිලි சරැජින ලෙස විරුදාවලිය ලත් මාලනී සෙනෙහෙලතා ෆොන්සේකාගේ රංගන දිවියේ පනස්වසර හා 155 වන සිනමා රංගනය සැමරීම සඳහා උත්සවයක් පසුගියදා පැවැත්විණ.

මෙය සිදුවූයේ හිටපු යුද හමුදාපති ජෙනරල් දයා රත්නායක මහතා කුළුදුලේ නිෂ්පාදන කරන, ආලෝකෝ උදපා දී චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාකරණයට පිවිසි චත්‍ර වීරමන්ගේ මේවනතුරු නම් නොකරන ලද දෙවන සිනමා නිර්මාණයේ රූගත කිරීම් අතරතුරදීය.

තරුණ, ළමා රෝග වෛද්‍යවරියකට ඇයගේ පාලනයෙන් පරිභාහිරව අනපේක්ෂිත අයුරින් මුහුණ පාන්නට සිදුවන ඛේදවාචකයක් පිළිබඳව හා උපේක්‍ෂා සහගතව ඇය එයට මුහුණ දෙන ආකාරයද, ඒ සඳහා විසදුම් සොයමින් ඇය යන මාවත පිළිබඳව දිග හැරෙන මෙම සිනමා සිත්තමේ රංගනයෙන්, මාලනී ෆොන්සේකා, සැන්ඩ‍්‍රා මාක්, තුමිදු දොඩම්තැන්න, ජගත් මනුවර්ණ, ආශාන් ඩයස්, දසුන් පතිරණ, කෙනාරා වීරතුංග, සම්පත් ජයවීර, සමනලී ෆොන්සේකා, උදාර අබේසුන්දරද, කැමරා කරණයෙන් කාලිංග දේශප්‍රියද, නිෂ්පාදන සැලසුම්කරණයෙන් හා කලා අධ්‍යක්ෂණයෙන් බිමල් දුෂ්මන්තද, සහය අධ්‍යක්ෂණයෙන් චාමර සේලාර, ඇදුම් නිර්මාණයෙන් කුමාර කරව්දෙනිය, අංග රචනයෙන් හර්ෂ මංජුල ද තිර රචනයෙන් චත්‍ර වීරමන් හා ශක්ති වීරසිංහ සම්බන්ධවන මෙහි කතා රචක හා නිෂ්පාදන උපදේශකවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ‘‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’’ සිනමා පටය අධ්‍යක්‍ෂණයකළ සමන් වීරමන් මහතායි.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

නව අදහස දක්වන්න