මිග් ගනුදෙනුවට අදාළ නියෝගයක් - 06 | දිනමිණ

මිග් ගනුදෙනුවට අදාළ නියෝගයක් - 06

මෙරට විශාලතම මූල්‍ය වංචාවක් වූ මිග් ගණුදෙනුව සම්බන්ධයෙන් තවත් සැකකරුවන් හතර දෙනෙකු සහ ආයතන දෙකක් නම් කරමින් ඔවුන්ට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධ්‍යක්ෂ වරයා හමූවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට නොතිසියක් නිකුත් කරන්නැයි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද (03) දැනුම් දී තිබේ. 

එම ඉල්ලීමට අදාල නියෝගය ලබන 06 වනදා ලබා දෙන බව මහේස්ත්‍රාත් වරිය ප්‍රකාශ කළහ.

නිතිපති දෙපාර්තමේන්තුව අද (03) මේ සිද්ධියට අදාළව ටී එස් ලී,ඩී ඒ පෙරිගොඩව්, මයිකෝලි කූර්දකෝන්,එන් ජී ලේක්හිම් යන සැකකරුවන් සහ ඩී එස් එලායන්ස්, බෙරිමිසා හෝල්ඩින්ග්ස් යන ආයතන දෙක නම් කරමින් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් නිතිපති දෙපාර්තමේන්තුව මේ ඉල්ලීම සිදු කළේය.

චෝදනා ලැබ සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පොලිස් අත්අඩංගුවේ සිටින බවටත් ඔහු පිටුවහල් කර ගැනීමට තුන්වන පාර්ශ්වයන් සමග අධිකරණය නිකුත් කළ නොතිසිය තානාපති වරයා වෙත යොමු කර ඇති බවටත් මේ වන විට ඊට අදාළ කටයුතු සිදු කරමින් පවතින බවද නිතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

නිතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ අධිනිතිඥ උදාර කරුණාතිලක මහතා පෙනි සිටිමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මේ සැකකරුවන්ට අදාළ සිදු වීම සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරි‍ම යටතේ චෝදනා ඉදිරිපත් කරන බවත් ඔවුන් සිද්ධියටඅ දාළව සංඥෙිය වැරදි සිදු කර ඇති බවටත්රජයේ අධිනිතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

මුල් අවස්ථාවේම සැකකරුවන්ට වරෙන්තු ඇයිද සිටීමේ හැකියාව පවතින මුත් වරෙන්තු අයැද නොසිටන බව කී රජයේ අධිනිතිඥවරයා මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා හමුවේ පෙනි සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඔවුන්ට නොතිසි නිකුත් කරන ලෙසත් එම නොතිසිය කුරියර් මගින් ,කොටි පණිවිඩ මගින් දුරකතන මගින් සහ ඊ මේල් මගින් දැනුම් දෙන ලෙසටද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

යුක්රේන් මාෂ් සමාගම සමග විෂයගත යානු ගනුදෙනු වලට අදාළව කොටුව මහජන බැංකුවේ ණයවර ලිපියක් හරහා යුක්රේන් මාෂ් සමාගමේ අධ්‍යක්ෂක පෙරංගොඩව් යන අය හොංකොංහි පවත්වා‍ගෙන යනු ලබන බැංකු ගිනූමකට මුදල් මුදා හැර ඇති බවටත් ඉන් ඩොලර් මිලියන 07ක් පමණ වෙනත් දිශාවකට යොමු වඅඇති බවටත් විමර්ශන අනාවරණය කර ඇති බව නිතිපති දෙපාර්තමේන්තුව අධීකරන්‍යට දැනුම් දුන්නේය.

ටී එස් එලායන්ස් සමාගම වෙනුවට තවත් සමාගමක් විවෘත කර ඩොලර් මිලියන 14 එම සමාගමේ තැන්පත් කර යුක්රේන් මාෂ් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 14න් ඩොලර් මිලියන 6.7ට වැඩි මුදලක් සැපයුම්කරුට නොගෙවා වෙනත් දිශාවකට යොමු ඇති බවත්විමර්ශන අනාවරණය කර ඇති බවටත් ආයුද සම්බන්ධ මේ ගිවිසුම් වෙනත් පාර්ශවයක් අතට පත්වීමෙන් වැළකි සිටින ගෙසට ගිවිසුමේ සඳහන්ව ඇති බවටත් නිතිපති දෙපාර්තමේන්තුව කරුණූ අනාවරණය කරමින් කියා සිටියේය.

එමෙන්ම මේ සිද්ධියට අදාළව දෙවන සැකකරු ලෙස නම් කර සිටින එම ගිවිසුමට අත්සන් තබන ලදැයි කියන ජයනාත් කුමාරසිරි නැමැත්තා සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ඉදිරි දින සිදු කරන බවටද මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා 4ක් මිලදි ගැනිමේදී සහ මිග් මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමෙරිකා ඩොලර් මිලියන 7.833ක් පමණ වන මහජන මුදල් අවභාවිත කර ඇති බවටත් උදයංග වීරතුංග මහතාගේ ගිනූම වල මුදල් සංසරණය වී ඇති ආකාරය සම්න්ධයෙන් අනන්‍යේන්‍ය ආධාර පනත යටතේ විමර්හණ සිදු කර කරුණු අනාවරණය වී ඇති බවටත් රජයේ අධිනිතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

මේ සිද්ධියට අදාළව අන්‍යේන්‍ය ආධාර පනත යටතේ ඇති වාර්තා අධිකරණ පරිශිලනයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන් අතර මේ වාර්තා රහස්‍ය වාර්තා බැවින් අධිකරණයේ සේප්පුවේ තැන්පත් කර තබන ලෙස නිතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේය. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය සහ ගුවන් හමුදාව වෙනුවෙන් නිතිඥ බලපන්ති ලුතිනන් ධනුෂ්ක ප්‍රනාන්දු මහතාකරණයේ පෙනි සිටියේය.

නව අදහස දක්වන්න