සා. පෙළ සතුටු චාරිකාව රෝහලෙන් නිමා වෙයි | දිනමිණ

සා. පෙළ සතුටු චාරිකාව රෝහලෙන් නිමා වෙයි

අපොස සා.පෙළ විභාගය සමත් වූ ප්‍රීතිය නිමිත්තෙන් පියා තම දියණියත් දියණියගේ මිතුරියත් නුවරඑළියේ චාරිකාවක් රැගෙන යන අතරේ යටියන්තොට ගොමාඩුවේ දී ගමන් ගත් ජීප් රථය පෙරළී ඔවුන් අනතුරට පත් වී ඇති බව යටියන්තොට පොලීසිය පවසයි. මෙසේ අනතුරට පත්වී ඇත්තේ කොහුවල ප්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසකි. දුරකතන කණුවක වැදි ජීප් රථය අසල ගසකද ගැටී පාරෙන් ඉවතට පැන පෙරළී ඇති අතර මහත් පරිශ්‍රමයක් යොදා පොලීසිය හා ප්‍රදේශවාසීන් වාහනය මාර්ගයට ගන්නා ලදී. ජීප් රථයට යට වී සිටි තුවාල කරුවන් කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත. තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

යටියන්තොට විශේෂ
සමන් එස්. රත්නායක‍

 

නව අදහස දක්වන්න