බියගම රෝහලට විශේෂ ප්‍රතිකාර ඒකකයක් | දිනමිණ

බියගම රෝහලට විශේෂ ප්‍රතිකාර ඒකකයක්

මල්වාන සමූහ මහානාම විතානගේ

306 බී 02 සිංහ දිස්ත්‍රික් සංවිධාන මඟින් රුපියල් ලක්ෂ තිහක පමණ මුදලක් වැයකොට බියගම රජයේ රෝහලේ ඉදිකරන ලද විශේෂ ප්‍රතිකාර ඒකකය පසුගියදා උත්සවශ්‍රීයෙන් ජනතා අයිතියට පත් කැරිණි.

මෙම විශේෂ ප්‍රතිකාර ඒකකය ඇඳන් දහයකින් සමන්විතව වායු සමීකරණය කර තිබෙන අතර එහි ඩෙංගු ඇතුළු ‍ බෝවන රෝගීන්ට නේවාසිකව ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසා තිබේ.

එහිදී මෙහි ප්‍රධාන ආරාධිත 306 බී 02 සිංහ දිස්ත්‍රික් සිංහාධිපතිනි ශ්‍යාමා සිල්වා මහත්මිය විසින් මෙම විශේෂ ප්‍රතිකාර ඒකකය ජනතා අයිතියට පවරා දීමෙන් පසුව එහි යතුර එම රෝහලේ ප්‍රධාන හෙදි සොහොයුරි ජයරංජනී විජේලතා මහත්මියට භාරදුන් අයුරුයි මේ.

306 බී 02 සිංහ දිස්ත්‍රික් ගෝලීය සේවා කණ්ඩායම් සම්බන්ධිකාරක කේ.සී.සේනාධීර මහතා ද මෙහි වෙයි.

නව අදහස දක්වන්න