අනුරපුර මැදි විදුහලේ 100%ක් O/L සමත් | දිනමිණ

අනුරපුර මැදි විදුහලේ 100%ක් O/L සමත්

අනුරාධපුර මැදි විදුහල මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ9 සාමර්ථ්‍ය 88ක් ලබා ඇති බව මධ්‍ය විදුහලේ විදුහල්පති එච්. එම්. අබේකෝන් මහතා පවසයි.

වර්ෂ 2015 ඒ සාමර්ථ්‍ය 47ක් ලබා ගත් අතර , 2016 වර්ෂයේ ඒ සාමර්ථ්‍ය 51ක් ලබා ගත් අතර , 2017 වර්ෂයේ ඒ සාමර්ථ්‍ය 88 ක් ද,ඒ 8 සාමර්ථ්‍ය 111ක්ද, ඒ 7 සාමර්ථ්‍ය 81ක් ද, ඒ 6 සාමර්ථ්‍ය 52ක් වශයෙන් ලබා ගෙන ඇති අතර ඒ සාමර්ථ්‍ය 6 ට වඩා වැඩියෙන් සමත් ශිෂ්‍ය සංඛ්‍යාව 464න් 332 ක් බවද , මුළු සමත්වීමේ ප්‍රතිශතය 100%ක් බව ද විදුහල්පතිවරයා දන්වා සිටී.

මේ ප්‍රතිඵල පූර්ව විශ්ලේෂණය මත මේ වන විට 2018 ජනවාරි මස සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විද්‍යා ගණිත පන්ති 8ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 387ක් ඉගෙනීම ලබන බවද පැවසූ අතර මෙයට හේතුව තම සේවා කාලය තුළ 6 වැනි ශ්‍රේණියේ සිට සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් මාසික හා වාර පරීක්ෂණ විශේෂ ක්‍රම ශිල්ප භාවිතයෙන් සෑම විෂයකටම ලකුණු 100ක් ලබා ගැනීමේ උත්සාහය ඇති කරවා ඇති බව පැවැසීය.

මේ සඳහා විෂයයන් සියල්ලගේම සාමාන්‍ය ලකුණු 80 හෝ 80 ට වැඩි නම් විශිෂ්ට සංකේතය ද, සාමාන්‍ය ලකුණු 90 හෝ 90ට වැඩි නම් අතිවිශිෂ්ට යන සංකේතයද වාර විභාගයේදී ශිෂ්‍ය ප්‍රගති වාර්තාවට එකතු කරන බවද පැවැසීය. එසේම මේ සඳහා සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් අනිවාර්යයෙන්ම ක්‍රීඩාවල නිරත විය යුතු අතර ඒ සඳහා ලකුණු 100 ක් ද,දෛනික පැමිණීම සඳහා ලකුණු 100 ක්ද,විෂය සමගාමී හා විෂය බාහිර කටයුතු අනිවාර්ය කර ඇති බැවින් එම ලකුණු උපයා ගත යුතුය.

ශ්‍රේණි 10/11 පරීක්ෂණයේ ශිෂ්‍ය ඉලක්ක තව දුරටත් අර්ථවත් කරමින් ඒ 9 ලබා ගැනීම සඳහා උපස්ථම්භනය කරමින් දෙදින නොමිලේ අධ්‍යාපන චාරිකාවක් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

එසේම ඒ සඳහා ගුරුවරුන්ද උත්ප්‍රේරණය කරමින් ඩබ්ලිව් කිසිවක් නොමැති ගුරු භවතුන්ද නොමිලේ දෙදින චාරිකාවකට හිමිකම් කියන බව ද වැඩි දුරටත් විදුහල්පතිවරයා දැන්වීය.

ඒ අනුව රටට දැයට වැඩ දායි දැන උගත් සමබර පෞරුෂයකින් යුතු දරු පරපුරක් දායාද කිරීමේ වැඩ පිළිවෙළ ඉතා සාර්ථකව ක්‍රියාවට නගා ඇති බව මධ්‍ය විදුහලේ විදුහල්පති එච් .එම්. අබේකෝන් මහතා වැඩිදුරටත් දන්වා සිටි අතර මේ ප්‍රතිපල ලබා ගැනීම සඳහා ඇප කැප වෙමින් ජයග්‍රහණ කළ සියලුම දූ දරුවන්ටත් ,ගුරු භවතුන්ටත් මවුපියන්ටත් මධ්‍ය විදුහල් ප්‍රණාමය පුද කරන බවද විදුහල්පතිවරයා වැඩි දුරටත් පැවැසීය.

හිදෝගම සමූහ
සහ අනුරාධපුර අතිරේක

 

නව අදහස දක්වන්න