ශ්‍රී ලන්කන් නව සභාපති රංජිත් ප්‍රනාන්දු | දිනමිණ

ශ්‍රී ලන්කන් නව සභාපති රංජිත් ප්‍රනාන්දු

අධ්‍යක්ෂ මණ්ඩලයත් නම් කෙරේ

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නව සභාපතිවරයා ලෙස මුල්‍ය ක්ෂේත්‍ර ප්‍රවීණයකු හා ප්‍රකට බැංකුකරුවෙකු වන රංජිත් ප්‍රනාන්දු මහතා පත් කොට තිබේ.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපතිවරයා ප්‍රමුඛ පස් දෙනෙකුගෙන් සමන්විත නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කොට ඇත.

ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවාවට අලුතින් පත්කළ අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයින් වනුයේ මනෝ තිත්තවැල්ල, එයාර් මාර්ෂල් කපිල ජයම්පති, ආචාර්ය රොෂාන් පෙරේරා හා නීතිඥ සුසන්ත කටුගම්පොල යන මහත්වරුය. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට අයත් ප්‍රමුඛ ආයතනයක් වන ශ්‍රී ලන්කන් ගුවන්සේවාවේ අනාගත අභිවෘද්ධිය ඇති කරලීම අරමුණු කොට නව අධ්‍යක්ෂ මණ්ඩලය අද (03) දින රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

ජයසිරි මුණසිංහ

නව අදහස දක්වන්න