කතානායකට - අලගියවන්නට රාමඤ්ඤ නිකායේ ඉහළ ගිහි තනතුරු | දිනමිණ

කතානායකට - අලගියවන්නට රාමඤ්ඤ නිකායේ ඉහළ ගිහි තනතුරු

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්ෂක සභාවේ සභාපති ලෙස කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා සහ මහ ලේකම් ලෙස මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අැමැති ලසන්ත අලගියවන්න මහතා පත් කෙෙරති.

දේශබන්දු කරු ජයසූරිය මැතිතුමා 2006 වසරේ සිටම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්ෂක සභාවේ සභාපති ලෙස කටයුතු කර ඇති අතර, නියෝජ්‍ය අැමැති ලසන්ත අලගියවන්න මැතිතුමා 2006 වසරේ සිටම එම නිකායාරක්ෂක සභාවේ ජාතික සංවිධායක සහ නියෝජ්‍ය සභාපති ලෙස කටයුතු කරනු ලැබීය.

2018.04.03 වන දින කොළඹ 05, නාරහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානයේ පැවැති නිකායාරක්ෂක සභාවේ විශේෂ සංවත්සර මහා සම්මේලනයේ දී ඉදිරි කාලසීමාව සඳහා දේශබන්දු කරු ජයසූරිය මැතිතුමා සභාපති වශයෙන් නියෝජ්‍ය අැමැති ලසන්ත අලගියවන්න මැතිතුමා මහලේකම් ලෙස පත්වූයේ ඒකච්ඡන්දයෙනි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩසටහන් රැසක් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නිකායාරක්ෂක සභාවේ අභිනව නිලධාරී මණ්ඩලය කටයුතු යොදා ඇති බව එහි මහ ලේකම් නියෝජ්‍ය අැමැති ලසන්ත අලගියවන්න මැතිතුමා පැවසීය.

නව අදහස දක්වන්න