ඉන්දියාවේ මාධ්‍ය මර්ධනය නවතයි | දිනමිණ

ඉන්දියාවේ මාධ්‍ය මර්ධනය නවතයි

මාධ්‍යවේදීන්ට දඬුවම් දියයුතු බවට ගෙන ආ නියෝගයක් වහාම නතර කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පියවර ගෙන ඇත.

අසත්‍ය ප්‍රවෘත්ති පළකරන මාධ්‍යවේදීන්ට දඬුවම් කළයුතු බවට ඉන්දීය තොරතුරු ඇමතිවරයා නියෝගයක් පනවා තිබුණි.

එම නියෝගය ක්‍රියාත්මක වීම වහාම නතර කළයුතු බවට අගමැති නරේන්ද්‍ර මෝදි අදාල ඇමතිවරයාට නියෝග කර තිබේ.

ඉන්දීය තොරතුරු ඇමතිවරයාගේ නියෝගය මාධ්‍යයට සිදුකරන පහරදීමක් ලෙසයි ඉන්දීය පුවත්පත් කතුවරුන් සහ මාධ්‍යවේදීන් අර්ථ දක්වා තිබුණි. එය වහාම නතර කිරීමට ඉන්දීය අගමැතිවරයා ගත් තීරණය පිළිබද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.

නව අදහස දක්වන්න